Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඕමාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 217 ක දැවැන්ත ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය ඕමාන ‘ඒ’ කණ්ඩායමට ඕවර 17.1 ක් ආවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 42 ක් පමණි. එහිදී චාමික කරුණාරත්න ලකුණු 03 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕමාන ‘ඒ’ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ප්‍රමෝද් මධුෂාන්, දුනිත් වෙල්ලාලගේ සහ ළහිරු සමරකෝන් කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
පළමුවෙන් පන්දුවට පහරදුව් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් රැස්කළේය. ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පසිඳු සූරියබණ්ඩාර පන්දු 75 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමග ලකුණු 60 ක් රැස්කළේය. ලකුණු 84 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සහන් ආරච්චිගේ (48) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 132 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පසිඳු සමත් විය.
ආරම්භක පිතිකරුවන් වූ අවිෂ්ක ප්‍රනාන්දු හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, ලසිත් කෲස්පුල්ලේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 43 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 22 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 21 ක් ලබා ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.
ශ්‍රී ලංකා නැඟී එන පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 259
(අවිෂ්ක ප්‍රනාන්දු 25, ලසිත් කෲස්පුල්ලේ 43, පසිඳු සූරියබණ්ඩාර 60, සහන් ආරච්චිගේ 48, දුනිත් වෙල්ලාලගේ නොදැවී 21, චාමික කරුණාරත්න 20, අකීබ් අල්ලියාස් 58/4, අයාන් ඛාන් 39/2, ජයේ ඔඩේඩ්‍රා 44/2)
ඕමාන නැඟී එන පිල - ඕවර 17.1 කදී සියලු දෙනා දැවී 42
(කාශ්‍යප් ප්‍රජාපති 18, චාමික කරුණාරත්න 03/3, ප්‍රමෝද් මධුෂාන් 06/2, දුනිත් වෙල්ලාලගේ 10/2, ළහිරු සමරකෝන් 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.