Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 7 කට ලකුණු 257 යි

ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 7 කට ලකුණු 257 යි

editorial - 2023 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (19 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 257 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණ කළ අතර එම තීරණයට සාධාරණයක් ඉටු කළ නිෂාන් මධුෂංක (33) සහ ලසිත් කෲස්පුල්ලේ (27) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

ඔවුන්ගේ දැවීයෑම් වලින් පසුව පිටියේ එක්වූ මිනෝද් භානුක (32) සහ පසිඳු සූරියබණ්ඩාර (41) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක් එක් කළ අතර මිනෝද්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින්ද, පසිඳුගේ ඉනිම හතරේ පහර 6 කින්ද සමන්විත විය.

නායක කමිඳු මෙන්ඩිස් එක් ලකුණකට දැවී ගියද, ළහිරු උදාර හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 33 ක්ද, රමේෂ් මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ශ්‍රී ලංකා ‘ඒ’ පිල - කඩුලු 7 කට 257
(නිෂාන් මධුෂංක 33, ලසිත් කෲස්පුල්ලේ 27, මිනෝද් භානුක 32, පසිඳු සූරියබණ්ඩාර 41, ළහිරු උදාර 33, රමේෂ් මෙන්ඩිස් නොදැවී 38, මිලාන් රත්නායක නොදැවී 29, සෙනුරන් මුත්තුසාමි 101/5)


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 7 කට ලකුණු 257 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.