Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ යන්තම් හිස ඔසවයි
නිල නොවන ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා ‘ඒ’ යන්තම් හිස ඔසවයි

editorial - 2024 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පීඩනය තිබියදීත් ඊට නොබියව මුහුණ දුන් ඕෂධ ප්‍රනාන්දු (122) සහ නායක පසිඳු සූරියබණ්ඩාර (61) දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 153 ක සම්බන්ධතාව නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව කිම්බර්ලිහිදී පැවැත්වෙන පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ යම් තරමකට හිස් ඔසවා ගත්හ. තරගයේ දෙවැනි දිනය වූ සඳුදා (9 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 කට ලකුණු 232 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඒ වන විටත් සත්කාරකයන්ට වඩා ලකුණු 140 ක් පසුපසින් සිටියේය. 

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු ‘ඒ කණ්ඩායම පැකිළීමකින් තොරවම පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරා ගත්තේය. මැතිව් බී්‍රට්ස්කිගේ (129) ශතකයත්, ඉදිරිපෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය හේතුවෙන් දකුණු අප්‍රිකානුවෝ වරෙක කඩුලු 4 කට ලකුණු 310 ක් ලබා සිටියහ. එහෙත් පැට්ටි්‍රක් කෲගර් දැවී යාමෙන් පසුව දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් කඩුලු හයම ලකුණු 62 ක් ඇතුළත බිඳ වැටිණ. 

ශ්‍රී ලංකා ‘ඒ’ ආරම්භක පිතිකරු ළහිරු උදාර වේලාසනින්ම දැවී ගියත් ඕෂධ ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර දෙදෙනා එක්ව සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ. පැය තුන හමාරකට පමණ පසුව ඕෂධ දැවී යන විට ඔහුගේ පන්දු 146 ඉනිමට හතරේ පහර 21 ක් ඇතුළත් වී තිබිණ. 

දකුණු අප්‍රිකානු ‘ඒ’ - පළමු ඉනිම 372 යි
(ෂේපෑන්ග් ඩිතෝල් 52, නීල් බ්‍රෑන්ඩ් 39, මැතිව් බී්‍රට්ස්කි 129, මාක් ඇකර්මන් 69, පැට්ටි්‍රක් කෲගර් 20, රිවැල්ඩෝ මූන්සාමි නොදැවී 34, චාමික ගුණසේකර 71/2, ඉසිත විජේසුන්දර 59/2, එෂාන් මාලිංග 65/4, නිශාන් පීරිස් 98/2)

ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම කඩුලු 4 ට 232 යි
(ඕෂධ ප්‍රනාන්දු 122, ළහිරු උදාර 12, පසිඳු සූරියබණ්ඩාර 61, ජනිත් ලියනගේ නොදැවී 11)

 

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ යන්තම් හිස ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.