Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ උප නායකයා ලෙස දසුන් ශානක නම් කර ඇති අතර බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති සිවුදින තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ ළහිරු තිරිමාන්න සහ ෂෙහාන් ජයසූරියද එක්දින සංචිතයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක උපුල් තරංගද මෙම තරගාවලිය සඳහ ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට නම්කර තිබෙන අතර සිවුදින තරගාවලියේදී අසාර්ථක වූ අෂාන් ප්‍රියන්ජන්ටද එක්දින සංචිතයේ ස්ථානයක් වෙන්කර දීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය
තිසර පෙරේරා (නායක), දසුන් ශානක (උප නායක), උපුල් තරංග, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, අෂාන් ප්‍රියන්ජන්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, සම්මු අෂාන්, මිනෝද් භානුක, මාලින්ද පුෂ්පකුමාර, නිෂාන් පීරිස්, ෂෙහාන් මධුෂංක, අසිත් ප්‍රනාන්දු සහ ඉසුරු උදාන
අතිරේක
විෂ්ව ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා සහ චාමික කරුණාරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.