Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ 1-0 කින් සිවුදින තරගාවලිය ජයගනී

ශ්‍රී ලංකා ‘ඒ’ 1-0 කින් සිවුදින තරගාවලිය ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත සිවුදින තරගාවලිය 1-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රීඩකයෝ අද (28) සමත් වූහ.

මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (28) අවසන් වූ තෙවැනි සහ අවසන් තරගය විස`දුමකින් තොරව අවසන් විය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අවසන් වන විට ලකුණු 218 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹායමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 166 ක් ලබා සිටියේය. ඒ වන විට ශ්‍රී ලංකාව ලකුණු 52 ක් පමණක් පසු පසින් සිටියේය.

ළහිරු තිරිමාන්න පන්දු 133 කදි හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් රැස් කළේය.  

තෙවැනි දිනය වූ ඊයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටි කොදෙව් ‘ඒ’ දෙවැනි ඉනිම අද පෙරවරුවේ ලකුණු 234 කට සීමා කිරීමට තරිදු කෞෂාල් සහ චතුරංග ද සිල්වා සමත් වූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් කඩුලූ පහ ලකුණු 8 ක් තුළ ලබා ගැනීමෙන් කොදෙව් පිලට අනපේක්‍ෂිත අවධානමකට මුහුණ දීමට සිදුවිය.

පිට දඟ පන්දු යවන තරිඳු කෞෂාල් දෙවැනි ඉනිමේදී ලකුණු 78 කට දවාගත් කඩුලූ පහත් සමගින් ඉනිම දෙකේදී ලකුණු 203 කට කඩුලූ 10 ක් දවා ගැනිමට සමත්ව සිටියි.

පා දඟ පන්දු යවන චතුරංග ද සිල්වා ලකුණු 57 කට කඩුලූ 4 ක් දවාගත්තේය. 

ලකුණු පුවරුව


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ 1-0 කින් සිවුදින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.