Last Update  :  2024-12-04 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා - කාම්බෝජ තරගය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා - කාම්බෝජ තරගය ජය පරාජයෙන් තොරයි

editorial - 2024 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
කොළඹ  රීඩ් මාවත ක්‍රීඩා  සංකීර්ණයේදී අද (5) පස්වරුවේ  නිමාවට පත්වූ ශ්‍රී  ලංකාව හා කාම්බෝජය  අතර ආසියානු කුසලාන  සූදුසුකම් පිරීමේ කාන්ඩ  පළමු  තරගය නිලකුණු තත්වයක් මැද ජයපරාජයෙන් තොරව අවසන් විය.
 
එහිදී  කාම්බෝජය  හමුවේ මෙම තරගය සමවීම තුළ ශ්‍රී ලංකාවට මෙන්ම ප්‍රතිවාදී කාම්බෝජයටද ලබන අගහරුවාදා (10) පොන්ම් - පෙන් නුවරදී  පැවැත්වෙන  දෙරට  අතර දෙවැනි තරගය බලාපොරොත්තු  නැංවිය හැකි තීරණාත්මක සටනක් බවට පත්ව තිබේ.
 
ඒ අනුව එම තරගය අවම ගෝල 1 - 0 කින් ජයගන්නා කණ්ඩායම 2027 - රියාද් ආසියානු  කුසලාන කාණ්ඩ අවසන් වටයට නිර්දේශ ලබයි.කිසියම්  ආකාරයකින් එම තරගයත් නියමිත කාලයේදී ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් කාණ්ඩ වටයට යන කණ්ඩායම දඩුවම් පහර මගින් තීරණය වේ.
 
අද කොළඹදී නිමාවූ තරගයේ අවසන් වාර්තාව නිරීක්ෂණය  කිරීමේදී එහි වැඩි කාලයක් පන්දුව සිය භාරයේ රදවා ගැනීමට සංචාරක කාම්බෝජ කණ්ඩායමට හැකිවූ බවක් පෙණුනි. මෙම  තරගයට ශ්‍රී  ලංකාව සහභාගි වන විට ආසියානු  ශ්‍රේණිගත  කිරීම් අනුව අවසන් (46) පසුවෙමින් සිටි අතර ඒ අනුව එහි 41 වැනි ස්ථානයේ  පසුවූ කාම්බෝජය  සමග තරගය සම කිරීම තුළිනුත් ශ්‍රී  ලංකාවට එහිදී  යම් අස්වැසිල්ලක්  ලබා ගැනීමට හැකිවූ බවක් පෙනේ.
 
මෙම  දෙරට  අතර අවසන් මුණ ගැසීමේදී කාම්බෝජය  විසින් ගෝල 4 - 0 කින් ශ්‍රී  ලංකාව පරාජය කිරීමට සමත්ව තිබීමත් මෙහිලා සිහිපත් වේ. ලෝක පාපන්දු  ශ්‍රේණිගත කිරීම් අනුවත් ශ්‍රී  ලංකාව කාම්බෝජයට වඩාත් පසුපසින් පසුවේ.ඒ කාම්බෝජය 180 වැනි ස්ථානයේ හා ශ්‍රී  ලංකාව 205 වැනි ස්ථානයේ පරිදිය.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ  නිත්‍ය  පුහුණුකරු  ඇන්ඩි මොරිසන් මහතා මේ දිනවල ආබාධ තත්වයකින් පසු වන බැවින්  එහි වැඩ බැලීම සදහා කැදවූ කුවේට් ජාතික අබ්දුල්ලා අල්මුතායිරී මහතා ඊයේ  තරගයේදී කණ්ඩායමේ පුහුණුකරු  ලෙස කටයුතු කළේය. 
 
මීට පෙර ජාත්‍යන්තර  පාපන්දු  තරගයකදී ශ්‍රී  ලංකාව තරගයක් සම කළ අවසන් අවස්ථාව  වූයේ 2024 මාර්තු 22 වැනිදා කොළඹදී ලෝක සමුළු  තරගාවලියේදී පැපුවා  නිව්ගිණියාව සමග තරගය මේ ආකාරයෙන්ම නිලකුණු තත්වයක් මැද අවසන් වීමයි.
 
ශ්‍රී  කණ්ඩායමේ නායක හා නිත්‍ය  දැල් රකින්නා වන සුජාන් පෙරේරා තරගයෙන් පසුව පැවැසුවේ අද තරගයේදී ශ්‍රී  ලංකා කණ්ඩායමේ හැසිරීම තුළින් අගහරුවාදා  පොන්ම් - පෙන් නුවරදී ප්‍රතිවාදියාට තර්ජනාත්මක තරගයක් දීමට පන්නරය ලැබූ බවයි. 
 
ජාත්‍යන්තර  තරග මේ දක්වා 79 ක අත්දැකීම් හෙබි 29 හැවිරිදි  සොඑයි විසල් අද තරගයේදී කාම්බෝජ කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය. ආජන්ටිනා ජාතික ෆෙලීක්ෂ්  ඩැල්මාස් මහතා කාම්බෝජ කණ්ඩායමේ  නිත්‍ය  පුහුණුකරු  ලෙස කටයූතු කරන්නේ 2023  මාර්තු මාසයේ සිටය.
 
(ඡායාරූප - ගයාන් අමරසේකර)

අදහස් (0)

ශ්‍රී ලංකා - කාම්බෝජ තරගය ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.