Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 20න් පහළ ලෝක කුසලාන රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන දෙවැනි රට තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ආසියානු අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං පිල තරග වදින පළමු අදියරේ තරගය හෙට (10) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙයි.
ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ රග්බි තරගමාලාවට ශ්‍රී ලංකාව, හොංකොං කණ්ඩායම් සමග චීන තායිපේ කණ්ඩායමත් මීට පෙර ඇතුළත්ව සිටියත් තරගාවලියට සහභාගි නොවීමට චීන තායිපේ පිල තීරණය කර තිබේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙය කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරගාවලියක් බවට පත්වී තිබේ. ඒ අනුව අදියර දෙකේදීම ලබාගන්නා ලකුණු අනුව සමස්ත ශූරතාව දිනාගන්නා කණ්ඩායම තරගාවලියේ ශූරයන් ලෙස ලබන වසරේ ලෝක කුසලාන තරගමාලාවට එක්වනු ඇත. ජපානය මේ වනවිටත් ඊට සුදුසුකම් ලබා සිටී.
මෙම තරගාවලියේ දෙවැනි අදියර ලබන 17 වැනිදා හොංකොං හී දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල හෙට තරගයට එක්වන්නේ සාන්ත තෝමස් විදුහලෙන් බිහිවූ ප්‍රබල සෙන්ටර් ක්‍රීඩක නවීන් හීනකංකානම්ගේ ගේ නායකත්වය යටතේය. ත්‍රිත්ව විදුහලේ ප්‍රොප් ක්‍රීඩක අවීශ ප්‍රියංකර ශ්‍රී ලංකා පිලේ උපනායකයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ රග්බි කණ්ඩායම
නවීන් හීනකංකානම්ගේ (නායක - සාන්ත තෝමස්), අවීශ ප්‍රියංකර (උපනායක- ත්‍රිත්ව), ශවීන් ඒකනායක, රෂේන් මාදෙන, දිල්රුක් දංගේ (ත්‍රිත්ව), අශේන් ප්‍රනාන්දු (රාජකීය), දිනේෂ් රොඩි්‍රගෝ, මොහොමඞ් ශාබිර්, දිනුක් අමරසිංහ (සාන්ත අන්තෝනි). විමුක්ති ගමගේ, තිමිර ආමන්ද, ශෂික ප්‍රනාන්දු, සායන් සාබර් (වෙස්ලි), ස්වේන් මුලර්, චතුර සෙනෙවිරත්න, මධුසංඛ පෙරේරා, ගැමුණු චේතිය (සාන්ත ජෝශප්), තීක්ෂණ දසනායක, උමාර් මොහිඩීන් (සාන්ත පීතර), හරිත් බණ්ඩාර, චමෝද් ප්‍රනාන්දු, රැන්ඩි සිල්වා (ඉසිපතන), නිපුන තාරක (ධර්මරාජ), ලක්ෂිත රණවීර (කිංග්ස්වුඞ්), හෂාන් මධුමාධව (විද්‍යා විද්‍යාලය)
පුහුණුකරු - රජීව් පෙරේරා
සහය පුහුණුකරු - ලසන්ත ද කොස්තා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.