Last Update  :  2024-12-03 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාන්ත පීතරයෝ ලීග් රග්බි ශූරතාව දිනති

ශාන්ත පීතරයෝ ලීග් රග්බි ශූරතාව දිනති

editorial - 2024 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ පළමු කොටසේ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය. ඔවුන් අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව දිනාගත් 6 වැනි අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක් විය. 

කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (17 වැනිදා) අවසන් මහ තරගයේදී ලකුණු 06-03 ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින් ශාන්ත පීතරයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ. එහි පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 03-00 ක් ලෙස ශාන්ත පීතර විදුහල ඉදිරියෙන් සිටියේය. 

මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් උත්සාහක දිනුම් ලබාගැනීමට අපොහොසත් වූ අතර දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයා තීරණය විය. එහිදී ශාන්ත පීතර විදුහල වෙනුවෙන් රාහුල් පීටර් දඬුවම් පහර 2 ක්ද, ඉසිපතන විදුහල වෙනුවෙන් ශාහිඩ් සුම්රි එක් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට සමත් වූහ. 

අවසන් තරගයට පෙර කණ්ඩායම් දෙකම තරග 8 කට බැගින් සහභාගි වී එම තරග 8 න්ම ජය ලබා අපරාජිතව සිටියේය. එබැවින් මෙය අපරාජිතයන්ගේ සටනක් වූ අතර එහිදී ඉසිපතන විදුහලේ අපරාජිත බව බිඳදැමූ ශාන්ත පීතරයෝ, සිය අපරාජිත බව රැකගනිමින් තරගාවලියේ ශූරතාවට හිමිකම් කීහ. 

ලකුණු 48 ක් ලබා සිටි ශාන්ත පීතර විදුහල මෙම තරගයේ ජයග්‍රහණයත් සමග සිය ලකුණු සංඛ්‍යාව 53 ක් දක්වා ඉහළ දමාගත්තේය. ලකුණු 44 ක් ලබා සිටි ඉසිපතන විදුහල මෙම තරගයේදී පරාජයට පත්වුවද, එහිදී ලබාගත් ප්‍රසාද ලකුණත් සමග ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 45 ක් බවට පත් විය. 

 

ශාන්ත පීතර කණ්ඩායමේ නායක දුලාජ් නවෝද්‍ය විසින් ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා අතින් ශූරතා කුසලාන ලබාගනු ලැබූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

(වමේ සිට) ඉසිපතන විද්‍යාලය නියෝජනය කරමින් ගරු ආරාධිත සෙල්වින් සලේ, ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රුද්‍රිගු පියතුමන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ඒ.ඩබ්. නානායක්කාර, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ, ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සමූහ ප්‍රධාන වාණිජ නිලධාරී මුනේෂ් ඩේවිඩ්, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් මනුජ නිම්මාන යන පිරිස ද එම අවස්ථාවට එක් වූහ.


අදහස් (0)

ශාන්ත පීතරයෝ ලීග් රග්බි ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.