Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාමල් - ඇලෙක්ස් පිරිමි යුගල ශූරතාව දිනති

ශාමල් - ඇලෙක්ස් පිරිමි යුගල ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 103 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට ශාමල් දිසානායක සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් ඊයේ (31 වැනිදා) සමත් වූහ.

කොළඹ, ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ හීරා ආෂික් පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

අවසන් තරගයේ පළමු වටයේදී ලකුණු 6/2 ක පහසු ජයක් ලැබූ ශාමල් සහ ඇලෙක්ස්, ඉතා තියුණු තරගයකින් අනතුරුව දෙවැනි වටය ලකුණු 7/5 ක් ලෙස ජයගනිමින් වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්හ.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 6/1) අර්චන ලොකුගේ සහ විබුද විජේබණ්ඩාර පරාජය කරමින් ශාමල් සහ ඇලෙක්ස් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. දිනේෂ්කාන්තන් සහ හීරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 6/0) ජගත් ගමගේ සහ සුරංග පුෂ්පකුමාර පරාජය කරමිනි.


අවසන් මහ තරගය
ශාමල් දිසානායක සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් විසින් තරග වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ හීරා ආෂික් පරාජය කරන ලදහ. (6/2, 7/5)

අවසන් පූර්ව වටය
ශාමල් දිසානායක සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් විසින් තරග වට 2-0 ක් ලෙස අර්චන ලොකුගේ සහ විබුද විජේබණ්ඩාර පරාජය කරන ලදහ. (6/1, 6/1)
දිනේෂ්කාන්තන් තංගරාජා සහ හීරා ආෂික් විසින් තරග වට 2-0 ක් ලෙස ජගත් ගමගේ සහ සුරංග පුෂ්පකුමාර පරාජය කරන ලදහ. (6/1, 6/0)

 


අදහස් (0)

ශාමල් - ඇලෙක්ස් පිරිමි යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.