Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාමල් - දිනේෂ්කාන්තන් පිරිමි අවසන් තරගයට

ශාමල් - දිනේෂ්කාන්තන් පිරිමි අවසන් තරගයට

Nisanka Sandeepani - 2018 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 103 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශාමල් දිසානායක සහ දිනේෂ්කාන්තන් තංගරාජා සමත්ව සිටිති. ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන අවසන් මහ තරගය හෙට පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.

හීරා ආෂික් එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/4, 6/2) ජයක් වාර්තා කරමින් ශාමල් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. දිනේෂ්කාන්තන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/2, 6/3) ලෙස සංඛ අතුකෝරල පරාජය කරමිනි. 

තරගාවලියේ පිරිමි යුගල අවසන් මහ තරගයටද ඔවුන් දෙදෙනා සුදුසුකම් ලබා සිටින අතර එහිදී ශාමල්ගේ සහායක ක්‍රීඩකයා ලෙස ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස්ද, දිනේෂ්කාන්තන්ගේ සහායක ක්‍රීඩකයා ලෙස හීරා ආෂික්ද කටයුතු කරති. එම තරගය අද (31 වැනිදා) කොළඹ, ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/1, 6/1) ලෙස අර්චන ලොකුගේ සහ විබුද විජේබණ්ඩාර පරාජය කරමින් ශාමල් සහ ඇලෙක්ස් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. දිනේෂ්කාන්තන් සහ හීරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/1, 6/0) ලෙස ජගත් ගමගේ සහ සුරංග පුෂ්පකුමාර පරාජය කරමිනි. 

අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල 

පිරිමි කේවල 
ශාමල් දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස හීරා ආෂික් පරාජය කරන ලදි. (6/4, 6/2) 
දිනේෂ්කාන්තන් තංගරාජා විසින් තරග වට 2-0 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරන ලදි. (6/2, 6/3) 

පිරිමි යුගල 
ශාමල් දිසානායක සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් විසින් තරග වට 2-0 ක් ලෙස අර්චන ලොකුගේ සහ විබුද විජේබණ්ඩාර පරාජය කරන ලදහ. (6/1, 6/1) 
දිනේෂ්කාන්තන් තංගරාජා සහ හීරා ආෂික් විසින් තරග වට 2-0 ක් ලෙස ජගත් ගමගේ සහ සුරංග පුෂ්පකුමාර පරාජය කරන ලදහ. (6/1, 6/0) 

 


අදහස් (0)

ශාමල් - දිනේෂ්කාන්තන් පිරිමි අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.