Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාරීරික යෝග්‍යතාව පෙන්වන්න’යි විලියම්සන්ට කියයි
ලෝක කුසලාන 2023

ශාරීරික යෝග්‍යතාව පෙන්වන්න’යි විලියම්සන්ට කියයි

editorial - 2023 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියට එක්වීමට උවමනාවක් තිබේ නම් සති දෙකක් ඇතුළත තමන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්වන ලෙස නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ට දැනුම් දී තිබේ. ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් නම් කිරීමේ අවසන් දිනය ළඟ ළඟම එන හෙයින් ඒ සඳහා සූදානම් වීමට තම නායකයාට සිදුවනු ඇතැයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ්, නවසීලන්ත මාධ්‍ය නියෝජිතයන් හමුවේ අද (සඳුදා) පැවසීය.

කේන් විලියම්සන් යනු අවසන් වරට පැවැති (2019) ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය කරා නවසීලන්ත කණ්ඩායම කැඳවාගෙන ගිය නායකයා ද වෙයි.

ගුජරාට් ටයිටන්ස් පිල නියෝජනය කරමින්, අයි.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටියදී දකුණු දණහිසේ කණ්ඩරාවක් ඉරීයාම නිසා විලියම්සන් පසුගිය අප්‍රේල් මාසයේදී තරග බිමෙන් තාවකාළිකව ඉවත් විය. එහෙත් මේ වන විට සුවය ලබා සිටින විලියම්සන්, නැවතත් පුහුණුවීම් ආරම්භ කර ඇති අතර පුහුණු දැළ තුළදී පන්දුවට පහර දෙමින් සිටී.

නවසීලන්ත ලෝක කුසලාන කණ්ඩායමේ අවසන් 15 දෙනා ආසන්නයේ ඔහු රැඳීසිටී
“කණ්ඩායම නම්කරන්න අපිට තියෙන්නේ තවත් සති දෙකක විතර කාලයක්”
“ඒ හින්දා අපි එයාට ඒ සම්පූර්ණ අවස්ථාවම දීලා කණ්ඩායමට එකතු කරගන්නයි බලන්නේ. ඒත් අපිට අවශ්‍ය මට්ටමට එන්න නම් එයාට තව ගොඩක් දේවල් කරන්න වෙනවා” යයි නවසීලන්ත පුහුණුකරුවා මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය.

ලෝක කුසලාන අවසන් මහ තරග දෙකකට ක්‍රීඩා කර ඇති කේන් විලියම්සන්, මේ දක්වා එක්දින අන්තර්ජාතික ලකුණු 6500 ක් ඉක්මවා රැස්කරගෙන සිටී.

2023 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නේ 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කළ නවසීලන්තය සහ එංගලන්තය, ඔක්තෝබර් 05 වැනිදා අහමදාබාද් නුවරදී මුණගැසීමෙනි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීම වෙනුවෙන් නවසීලන්ත පිලේ එංගලන්ත සංචාරය සඳහාත් විලියම්සන් ඇතුළත් කර තිබේ. මේ මස 30 වැනිදා (බදාදා) ආරම්භ වන නවසිලන්ත - එංගලන්ත තරගාවලිය විස්සයි-20 තරග 4 කින් සහ එක්දින තරග 4 කින් සමන්විත වෙයි.

“ලෝක කුසලාන තරගාවලියේදී අපිට එයාව ඕනා තමයි. ඒත් වඩාත් දුර බලනකොට, ලෝක කුසලාන තරගාවලියෙන් එහාටත්, එයාගේ සම්පූර්ණ තරග දිවියේදීත්, අපට කේන්ව ඕනෑ”

“අපි අවංකව කතා කරන්නයි යන්නේ. එතැනදී මට හිතාගන්න පුළුවන් ඔහු ඉන්නේ කොතැනද කියලා” යයි ද නවසීලන්ත පුහුණකරුවා පැවසීය.

- 213


අදහස් (0)

ශාරීරික යෝග්‍යතාව පෙන්වන්න’යි විලියම්සන්ට කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.