Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාවට ලකුණු 180 ක දැවැන්ත ජයක්

ශී‍්‍ර ලංකාවට ලකුණු 180 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සුපුරුදු ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් අන්දමන්ද කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ අද (20 වැනිදා) පැවැති පළමු වැනි එක්දින තරගයේදී ලකුණු 180 ක දැවැන්ත ජයක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ. ලකුණු 321 ක ඉලක්කයක් කරා යමින් සිටි දකුණු අපි‍්‍රකානු පිල  ඕවර 31.5 කදී ලකුණු 140 කට සීමා කිරීමට තිසර පෙරේරා (31/3) සහ රංගන හේරත් (25/3) ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ආරක්‍ෂාවත්, අලංකාරයත්, ආක‍්‍රමණයත් අපූරුවට කැටිකරමින්, තම එක්දින තරග දිවියේ හොඳම ඉනිම කී‍්‍රඩා කළ කුමාර් සංගක්කාර ලබාගත් ලකුණු 169 නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 320 ක් ලබාගත්තේය. එම ලකුණු සංඛ්‍යාව මත සිටිමින් දකුණු අපි‍්‍රකානු පිල මත පීඩනය වැඩි කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ ඕවර 18.1 ක් ඉතිරිව තිබියදීම තරගයේ ජයග‍්‍රහණය තමන් සතුකර ගත්හ.

මෙම ලකුණු 169, ශී‍්‍ර ලංකා පිතිකරුවකු මවුබිමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ශී‍්‍ර ලංකා පිතිකරුවකු විසින් දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.

පැය 3 කට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් පන්දු 137 කට මුහුණ දුන් සංගක්කාර, හතරේ පහර 18 කින් සහ හයේ පහර 6 කින් සිය ඉනිම අලංකාරවත් කළේය.  දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ගේ අවසන්  ඕවර 10 දී ලකුණු 103 ක් උදුරාගත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් අතරේ, කුමාර් සංගක්කාර පන්දු 35 කින් ලකුණු 69 ක් රැස්කර ගත්තේය.

40 වැනි  ඕවරය නිමා වන විට කඩුලූ 3 කට ලකුණු 217 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිලේ සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 123 ක් එක් කිරීමට සංගක්කාර සහ ළහිරු තිරිමාන්න සමත් වූ නමුත් එයින් ලකුණු 100 කම හිමිකරුවා වූයේ සංගක්කාරයි.

තම ඉනිම කදිමට සැලසුම් කළ සංගක්කාර පළමු ලකුණු 50 ලබාගත්තේ පන්දු 66 කිනි. දෙවැනි ලකුණු 50 පන්දු 37 කදී ලබාගත් සංගක්කාර ලකුණු 100 සිට 150 කරා යාමට මුහුණ දෙන්නේ පන්දු 24 කට පමණි.

ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 10 කට දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ උපුල් තරංග (43) සහ කුමාර් සංගක්කාර ශී‍්‍ර ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 93 ක් දක්වා ඉහළ දැමූහ. පන්දු 64 කට මුහුණ දෙමින් ඒවායින් 7 ක් හතරේ සීමාවට පිටත්කර යැවූ උපුල් තරංග දැවී ගියේ මෝර්නි මෝකල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

පිටියේ කී‍්‍රඩකයන් අතර පරතරය මැනවින් තෝරා බේරා ගනිමින් ලකුණු රැස්කිරීමේ යෙදුණු තරංග, සංගක්කාර සහ මහේල තමන්ගේ කඩුලූද ආරක්‍ෂා කරගනිමින් 40 වැනි  ඕවරය නිමා වන තුරුත් ශී‍්‍ර ලංකා පිලේ ලකුණු වේගය  ඕවරයක් සඳහා ලකුණු 5.00 ක් ආසන්නයේ තබාගත්තේ අවසන්  ඕවර 10 දී ප‍්‍රහාරයකට අරඅඳිමිනි. අනතුරුව ඔව්හු සිය සැලැස්ම අකුරටම කි‍්‍රයාත්මක කළහ.

කාසියේ වාසිය දිනාගත් දකුණු අපි‍්‍රකානු නායක ඒ. බී. ඩිවිලියර්ස් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් ඔහුට එයින් අපේක්‍ෂිත ප‍්‍රතිඵල උදාකරගත නොහැකි වූයේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් ආරක්‍ෂාව සහ ආක‍්‍රමණය යන දෙකම අවශ්‍ය තරමට යොදාගත් බැවිනි.

වසර 4 කට පසුව ජෙහාන් මුබරක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවා තිබුණ නමුත් ඔහුට පන්දුවට පහර දීමේ අවස්ථාවක් නොලැබිණ. මුබරක් අවසන් වරට එක්දින තරගයක් සඳහා කී‍්‍රඩා කළේ 2009 වසරේදී පාකිස්තානු පිලට එරෙහිව කරච්චියේදීය.

ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටි මෝනි මෝර්කල් දකුණු අපි‍්‍රකානු පිලට කී‍්‍රඩා කරයි. දකුණු අපි‍්‍රකානු පිලේ ප‍්‍රබල ආරම්භක පිතිකරුවකු වන හෂිම් අම්ලාගේ ගෙළේ ආබාධයක් හේතුවන් මෙම තරගයට කී‍්‍රඩා නොකරයි.

 

ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකාව

උපුල් තරංග ‐ ප.මෝකල්    43
තිලකරත්න ඩිල්ෂාන් ‐ ප.මැක්ලරන්    10
කුමාර් සංගක්කාර ‐ ඇ.ඩුමිනි ප.පැන්ගිසෝ    169
මහේල ජයවර්ධන ‐ ඇ.ඉන්ග‍්‍රම් ප.මෝකල්    42
ළහිරු තිරිමාන්න ‐ ඇ.රොබින් පීටර්සන් ප.මැක්ලරන්    17
තිසර පෙරේරා ‐ නොදැවී    16
දිනේෂ් චන්දිමාල් ‐ නොදැවී     1
අතිරේක    22
එකතුව  ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී     320

කඩුලූ වැටීම:
1‐23(ඩිල්ෂාන්), 2‐93(තරංග), 3‐167(මහේල), 4‐290(තිරිමාන්න), 5‐303(සංගක්කාර)
 
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ
ජෙහාන් මුබාරක්, රංගන හේරත්, ලසිත් මාලිංග සහ ශාමින්ද එරංග

පන්දු යැවීම:
මෝනි මෝකල් : 10‐2‐34‐2, කි‍්‍රස් මොරිස් : 9‐0‐80‐1, රයාන් මැක්ලරන් : 10‐0‐69‐1, රොබින් පීටර්සන් : 5‐0‐30‐0, ජේ. පී. ඩූමිනි : 7‐0‐51‐0, ඒරන් පැන්ගිසෝ : 9‐0‐50‐0

 

දකුණු අපි‍්‍රකාව

කොලින් ඉන්ග‍්‍රම් ‐ ප.මාලිංග    0
ඇල්වයිරෝ පීටර්සන් ‐ ඇ.සංගක්කාර ප.තිසර පෙරේරා    29
ජේ. පී. ඩුමිනි ‐ ඇ.සංගක්කාර ප.එරංග    15
ඒ. බී. ඩිවිලියර්ස් ‐ ප.හේරත්    23
ෆෆ් ඩු ප්ලෙසි ‐ ඇ.චන්දිමාල් ප.තිසර පෙරේරා    4
ඬේවිඞ් මිලර් ‐ ප.ඩිල්ෂාන්     14
රොබින් පීටර්සන් ‐ ඇ.තරංග ප.තිසර පෙරේරා    29
රයාන් මැක්ලරන් ‐ ඇ.තිසර පෙරේරා ප.ඩිල්ෂාන්     4
කි‍්‍රස් මොරිස් ‐ නොදැවී     9
මෝනි මෝකල් ‐ ඇ.තිරිමාන්න ප.හේරත්    0
ඒරන් පැන්ගිසෝ ‐ ස්ට.සංගක්කාර ප.හේරත්    0
අතිරේක    13
එකතුව  ඕවර 31.5 කදී සියලූ දෙනා දැවී    140

කඩුලූ වැටීම
1‐0(ඉන්ග‍්‍රම්), 2‐29(ඩුමිනි), 3‐73(ඩිවිලියර්ස්), 4‐75(ඇල්වයිරෝ පීටර්සන්), 5‐82(ඩුප්ලෙසි), 6‐103(මිලර්), 7‐119(මැක්ලරන්), 7‐119(මැක්ලරන්), 8‐138(රොබින් පීටර්සන්), 9‐138(මෝකල්), 10‐140(පැන්ගිසෝ)

පන්දු යැවීම:
ලසිත් මාලිංග : 4‐1‐21‐1, ශමින්ද එරංග : 5‐0‐27‐1, තිසර පෙරේරා : 7‐0‐31‐3, රංගන හේරත් : 8.5‐1‐25‐3, තිලකරත්න ඩිල්ෂාන් : 5‐0‐11‐2, ජෙහාන් මුබාරක් : 2‐0‐14‐0

 

දමින්ද විජේසූරිය

(ඡයාරූප: ශාන්ත රත්නායක)

 

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට ලකුණු 180 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.