Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන යොවුන් රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස කොළඹ තුරඟ තරග පිටියේ පැවැති ආසියානු වයස 20 න් පහළ රග්බි තරගාවලියේ අද (28 වැනිදා) පැවැති තරගයකින් චීන තායිපේ පිල පරදවා ලකුණු 31-06 ක් ලෙස ජය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා පිල සමත්විය. මෙය ශී‍්‍ර ලංකා පිල මෙම තරගාවලියේදි ලද පළමු සහ එකම ජය බවට පත්විය.
හොං කොං, ශී‍්‍ර ලංකාව, චීන තායිපේ සහ දකුණු කොරියාව අතර පැවැති මෙම තරගාවලියේ ශූරයන් ලෙස ලෝක කුසලාන යොවුන් රග්බි තරගාවලියේ ‘බී’ කාණ්ඩයට සුදුසුකම් ලබාගැනීමට තමන් සහභාගී වූ තරග 3 න්ම ජය ලැබූ හොං කොං පිල සමත්විය.
ශී‍්‍ර ලංකාව, චීන තායිපේ සහ දකුණු කොරියාව එක් තරගය බැගින් ජය ගත්තද, ලබාගත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ශී‍්‍ර ලංකාවට තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිවිය.
ශී‍්‍ර ලංකා පිල සහ චීන තායිපේ පිල ඊයේ පැවැති තරගයේදී පෝ වෙයි හුවාං විසින් 8 වැනි විනාඩියේ සහ 14 වැනි විනාඩියේදී සාර්ථක කරගන්නා ලද දඩුවම් පහර දෙකක් හමුවේ ලකුණු 6-0 ක් ලෙස ආරම්භයේදීම පෙරමුණ ගැනීමට චීන තායිපේ පිල සමත්විය.
කෙසේ වුවත් චීන තායිපේ පිලට හොඳ තරගයක් දුන් ශී‍්‍ර ලංකා පිල, තරගයේ 17 වැනි විතාඩියේදී තම පළමු ගෝල දිනුම ලබාගනිමින් ලකුණු 07-06 ක් ලෙස පෙරමුණට පැමිණියේය. එම ගෝල දිනුමේ උත්සාහක දිනුම මෙන්ම ප‍්‍රවර්ථනයද සාර්ථක කර ගැනීමට ශී‍්‍ර ලංකා පිලේ නායක තරින්ද රත්වත්තේ සමත්විය.
තරගයේ 34 වැනි විනාඩියේදී ඔමල්ක ගුණරත්න ලබාගත් උත්සාහ දිනුමේ ප‍්‍රවර්ථනය සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ, එය ගෝල දිනුමක් බවට පත්කළේය. ඒ අනුව තරගයේ පළමු අර්ධය ලකුණු 14-06 ක් ලෙස ශී‍්‍ර ලංකා පිලට ඉදිරිය රැක දෙමින් අවසන් විය.
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 8 ක් ගතවනවාත් සමගම එනම් 48 වැනි විනාඩියේදී තරගයේ තෙවැනි ගෝල දිනුම ලබාගනිමින් ලකුණු තත්ත්වය 21-8 දක්වා ඉහළ දැමීමට ශී‍්‍ර ලංකා පිල සමත්විය. දීමන්ත දිසානායක එහි උත්සාහක දිනුම ලබාගත් අතර ප‍්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ තරින්ද රත්වත්තේ විසිනි.
තරගයේ 68 වැනි විනාඩියේ උත්සාහක දිනුමක් ලබාගනිමින් සහ එහි ප‍්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් ශී‍්‍ර ලංකා පිලට තවත් ගෝල දිනුමක් තිළිණ කර දීමට නායක තරින්ද රත්වත්තේ සමත්විය. එම ගෝල දිනුමත් සමග තරගයේ ලකුණු තත්ත්වය 28-06 ක් බවට පත්විය.
තරගය අවසන් වීමට විනාඩි 5 ක් තිබියදී එනම් 75 වැනි විනාඩියේදී හිමිවූ දඩුවම් පහර සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත්වීමත් සමග තරගයේ ලකුණු සංඛ්‍යාව 31-06 ලෙස ඉහළ ගියේය.
ශී‍්‍ර ලංකා පිල සමස්ත තරගයේදී ලබාගත් ලකුණු 31 න් 21 කටම හිමිකම් කීමට කණ්ඩායම් නායක තරින්ද රත්වත්තේ සමත්වීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.
තරගයේ අවසන් භාගයේදී විනය විරෝධී ලෙස හැසිරීම නිසා චීන තායපේ කී‍්‍රඩක හං චී පෑන් පිටියෙන් ඉවත් කිරීමට ප‍්‍රධාන විනිසුරුවරයා කටයුතු කළේය.
ශ්‍රී ලංකා - චීන තායිපේ තරගාවලියේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.