Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (19 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 133 ක් රැස්කරමින් ලකුණු 220 ක් ඉදිරියට පැමිණ සිටියේය.
අද දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 14) සහ ප‍්‍රසන්න ජයවර්ධන (නොදැවී 6) පන්දුවට පහර දෙමින් සිටියහ.
අද දිනය නිමා වීමට ඕවර දෙකක් පමණක් තිබියදී ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රකිමින් සිටි අසාර් අලී රැකගත් විශිෂ්ට උඩ පන්දුව හේතුවෙන් මහේල ජයවර්ධනට (46) පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
මහේල මෙම ඉනිමේදී ටෙස්ට් ලකුණු 11,000 සම්පූර්ණ කිරීමට සමත් විය. ඒ අනුව මහේල ටෙස්ට් ලකුණු 11,000 සම්පූර්ණ කළ ශ‍්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා මෙන්ම ලෝකයේ 8 වැනි ක‍්‍රීඩකයා බවට පත්විය. මහේල මේ වන විට ටෙස්ට් තරග 141 කදී ලකුණු 11,033 ක් රැස්කර සිටියි.
ශ‍්‍රී ලංකාව මේ වන විට 1-0 ක් ලෙස පෙරමුණේ පසුවීම නිසා තරගාවලියේ ජයග‍්‍රහණයට මෙම තරගය විසදුමකින් තොරව අවසන් කිරීමද ප‍්‍රමාණවත්ය. ඒ පිළිබදව හොද අවධානයෙන් පසු වන ශ‍්‍රී ලංකා පිතිකරුවෝ කිසිදු කළබලයකින් තොරව පන්දුවට පහර දුන්හ.
පළමු තරග දෙකේදී අර්ධ ශතක තුනක් රැුස්කළ කෞෂාල් සිල්වාගේ ඉනිම අබ්දුර් රෙහෙමාන්ගේ අනගි පන්දුවක් හමුවේ ලකුණු 36 කට සීමා විය.
කුමාර් සංගක්කාර ලකුණු 8 ක් ලබා සිටියදී ඞීප් මිඞ්විකට් ස්ථානයේදී කුරාම් මන්ෂූර් රැකගත් උඩ පන්දුවත් සමග දෙවැනි කඩුල්ල ලෙස ක‍්‍රීඩාගාරයට පියමන් කළේය. ශ‍්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේ පළමු කඩුලූ ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 8 ක් ලබා සිටියදී දැවී ගියේය.
ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ අද (19) දිවා විවේකයට පෙර පාකිස්තානු පළමු ඉනිම ලකුණු 341 කට සීමා කරමින් පළමු ඉනිමේදී ලකුණු 87 ක වාසියක් ලබා ගැනීමට සමත් වූහ.
රංගන හේරත් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 125 කට කඩුලූ 5 ක් දවා ගත්තේය. හේරත් ටෙස්ට් ඉනිමකදී කඩුලූ පහක් හෝ ඊට වැඩියෙන් දවාගත් 17 වැනි අවස්ථාව මෙය වේ.
ශාමින්ද එරංග දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 60 කට කඩුලූ 4 ක් දවා ගනිමින් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ දක්‍ෂතම පන්දු යැවීම වාර්තා කළේය. දකුණතින් වේග පන්දු යවන ශාමින්ද 2011 වසරේ සිය පළමු ටෙස්ට් තරගයේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ලකුණු 65 කට කඩුලූ 4 ක් දවා ගැනීම මීට පෙර දක්‍ෂතම පන්දු යැවීම බවට සටහන් කර තිබුණි.
හෙට (20) තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි. ඊයේ පාන්දර සාජා වලට වර්ෂාව ඇද හැලූණු අතර අද දිනයේ වර්ෂාව ලැබෙන බවට කාලගුණ වාර්තා අනාවැකි පළ කර තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.