Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මුල් තැන රැකගනිති

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මුල් තැන රැකගනිති

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 19 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) රාත‍්‍රී පැවැති දෙවැනි සහ අවසන් තීරණාත්මක තරගයෙන් ලකුණු 24 ක ජයක් ලැබූ ශ‍්‍රී ලංකා පිල 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත් විය.

මෙම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තව දුරටත් විස්සයි20 ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැදී සිටීමේ වරම් හිමිකර ගත්තේය.

පළමු තරගයෙන් පාකිස්තානය කඩුලූ තුනක ජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැකගැනීමට නම් මෙම තරගය අනිවාර්යෙන්ම ජය ලැබිය යුතුව තිබුණි.

ලකුණු 212 ක දැවැන්ත ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය පාකිස්තානු පිල  ඕවර 19.2 කදී ලකුණු 187 කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ. එහෙත් සොහෙල් තන්වීර් (41) සහ සයිඞ් අජ්මාල් (20) නවවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ජයග‍්‍රහණය ප‍්‍රමාද කළහ.

සචිත‍්‍ර සේනානායක 11 වැනි  ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලදී උමාර් අමීන් (0) සහ බිලවල් භාටි (0) පිටියෙන් ඉවත් කිරීමත් සමග ලකුණු දෙකක් තුළ කඩුලූ හතරක් බි`ද වැටීමෙන් පාකිස්තානය දැඩි අසීරු තත්ත්වයකට ඇද වැටුණි.

සීකුගේ ප‍්‍රසන්න 10 වැනි  ඕවරය යවමින් තෙවැනි සහ පස්වැනි පන්දුවලදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි ශර්ජීල් ඛාන් (50) සහ උමාර් අක්මාල් (0) දවා ගනිමින් ශ්‍රී ලංකාව තවත් පියවර කීපයක් ඉදිරියට ගත්තේය. ශර්ජීල් ඛාන් පන්දු 25 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස් කිරිමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් යොවුන් පිතිකරු කුසල් ජනිත් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 59 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 84 ක් ලබා අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගියේය. මෙය කුසල්ගේ තෙවැනි විස්සයි20 අර්ධ ශතක මෙන්ම විස්සයි20 තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභා වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ එක්දින ක‍්‍රීඩක සම්මාන ලැබූ කුමාර් සංගක්කාර පන්දු 21 කදී නොදැවී ලකුණු 44 ක් රැස්කිරීමට සමත් විය. සංගක්කාර සිය ඉනිම හතරේ පහර 4 කින් සහ අලංකාර හයේ පහර 2 කින් සැරසීය.  

කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 72 කදී ලකුණු 100 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාවට යෑමට අඩිතාලම දැමූහ. ඩිල්ෂාන් පන්දු 33 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 48 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.

සීකුගේ ප‍්‍රසන්න සිය මංගල විස්සයි20 අන්තර්ජාතික තරගයේදී අංක තුන ස්ථානයේ පන්දුවට පහර දෙමින් පන්දු 8 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් සටහන් කරමින් ලකුණු 21 ක් රැස් කිරීම කැපී පෙනුණි.    

පාකිස්තානු ප‍්‍රබලතම පන්දු යවන්නා ලෙස සැළකෙන සහිඞ් අෆ්රිඩි යැවූ ඉනිමේ 10 වැනි  ඕවරයේදී කුසල් ජනිත් පිට පිටම ගැසූ හතරේ පහර දෙක සහ හයේ පහර නිසා ලකුණු 17 (1, 1, 4, 4, 6 සහ 1) එකතු වීමෙන් එම  ඕවරය අවසන් වන විට මුළු ලකුණු සංඛ්‍යාව 90 ක් බවට පත්විය. එම ප‍්‍රහාරයත් සමග අෆ්රිඩිගේ පන්දු යැවීම  ඕවර දෙකකට සීමා විය.

ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන්  ඕවර 10 ට ලකුණු 121 ක් රැුස්කිරීමට සමත් වූහ.
කුසල් ජනිත් තෙවැනි පන්දුවට ගැසූ අලංකාර හයේ පහරින් ශ්‍රී ලංකා ලකුණු ලබා ගැනීම ආරම්භ වූ අතර පළමු  ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිලට ලකුණු 13 ක් එකතු වී තිබුණි.

ශ්‍රී ලංකා පිලට පළමු තරගයේ ක‍්‍රීඩා කළ පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස්ගේ ස්ථානයට දකුණතින් පා දඟ පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න කැඳවා තිබේ. සීකුගේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 වරම් ලැබූ 51 වැනි ක‍්‍රීඩකයා බවට පත්විය. ශ්‍රී ලංකා යුද හමුදා පිල නියෝජනය කරන 28 හැවිරිදි සීකුගේ ප‍්‍රසන්න ටෙස්ට් තරගයකට සහ එක්දින තරග නවයකට ක‍්‍රීඩා කර තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 18 වැනිදා සාජා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකා - පාකිස්තානු දෙවැනි වි: 20 තරගයේ තවත් සේයාරූ මෙතැනින්.....

ඡායාරෑපය - ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි


අදහස් (19)

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මුල් තැන රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.