Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා පිල ඒදණ්ඬේ ගමනක

ශී‍්‍ර ලංකා පිල ඒදණ්ඬේ ගමනක

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

තවත් එක තරගයක පරාජයකින් තම පිලට අත්විය හැකි හානිය පිළිබඳව හොඳින්ම දන්නා දිනේෂ් චන්දිමාල්, දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව අද (4 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි විස්සයි/20 තරගයේදී වඩාත් හොඳ දස්කම් දැක්වීමට අදිටන් කරගෙන සිටී.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පසුගිය සිකුරාදා පැවැති පළමු වි:20 තරගයේදී සිදුවූ දේට වඩා වෙනස් යමක් කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු බවද ශී‍්‍ර ලංකාවේ ළාබාලතම නායකයා තරයේ විශ්වාස කරයි.

මෙම වි:20 තරගාවලියේදී තවත් එක තරගයක් හෝ දකුණු අපි‍්‍රකානු පිල ජයගතහොත් එහි අනුයාත ප‍්‍රතිඵලය වන්නේ ශී‍්‍ර ලංකාව තරගාවලිය පරාජය වීම පමණක් නොවේ. පළමු තරගය පරාජය වූ නමුත් වි:20 කි‍්‍රකට් අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ මේ වන විට ප‍්‍රසාද ලකුණු 129 ක් රැකගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගය පරාජය වුවහොත් තවත් ප‍්‍රසාද ලකුණු 4 ක් අහිමි කරගනී. එය ශ්‍රේණිගත ලයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමේ අවදානම වැඩි කරන්නකි.

--අපි තාමත් විස්සයි/20 කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 හිමි කණ්ඩායමයි. ඒ නිසා මේ තත්ත්වය ආරක්‍ෂා කරගැනීමේ විශාල වගකීමක් අපට තියෙනවා”

--අපට තවත් තරග දෙකක් ඉතිරිව තිබෙනවා. ඒ තරග දෙකේදී හැකි තරම් හොඳින් කී‍්‍රඩා කරලා ශ්‍රේණිගත අංක 1 ස්ථානය ආරක්‍ෂා කරගන්න අප කටයුතු කරනවා” යයි දිනේෂ් චන්දිමාල් සෙනසුරාදා සවස සූරියවැව කී‍්‍රඩාංගණයේදී මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය.

පවතින අභියෝගයට මුහුණ දීම සඳහා නැවතත් තමන්ගේ මූලික කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන ශී‍්‍ර ලංකා පිල තමන් ඉදිරියේ ඇති තරගය පිළිබඳව පමණක් අවධානය යොමු කරයි.

--මා හිතන විදිහට මේ තරගය ඉතාමත් වැදගත් එකක්. අප ශ්‍රේණිගත සටහනේ පළමු ස්ථානයේ දිගටම රැුඳී ඉන්න නම් මේ තරගය ජයගත යුතුම තත්ත්වයට අප පැමිණ සිටිනවා” යයිද චන්දිමාල් පැවසීය.

පාදයේ ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියේදී පසෙකට වී සිටියද සෙනසුරාදා සවස් වන විට නුවන් කුලසේකර පිළිබඳව ශී‍්‍ර ලංකා පිල සිතමින් පසුවිය. සුළග පවතින අවස්ථාවන්හිදී පන්දුව මැනවින් දෝලනය කිරීමට සමත් කී‍්‍රඩකයකු වන නුවන් කුලසේකරගේ හැකියාවන් බොහෝ විට අද තරගයේදී ශී‍්‍ර ලංකා පිලට වාසිදායක ලෙසින් යොදාගත හැකිවනු ඇත.

අද තරගයේදි නුවන් කුලසේකරට අවස්ථාවක් ඇතැ’යි ඉ`ගි කිරීමටද චන්දිමාල් පසුබට නොවීය.

--මේ තරගයේදී කී‍්‍රඩා කරන්න නුවන් අයියාට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ තරගය අපට ඉතාමත් වැදගත් තරගයක්”

--අප තවදුරටත් තරගාවලියේ රැඳී ඉන්න නම් මේ තරගය ජයගත යුතුයි. ඒ නිසා අප අපට සිටින හොඳම කී‍්‍රඩකයන් 11 දෙනා මේ තරගයට යොදවනවා” යයිද චන්දිමාල් පැවසීය.

සෙනසුරාදා සවස් වරුවේදී දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් පිටියට පිවිසෙන විට තණතීරුවේ තණකොළ වැඩි ප‍්‍රමාණයක් දක්නට ලැබිණ. එහෙත් පස්වරු 5.30 ට පමණ කී‍්‍රඩාංගණයට පැමිණි ශී‍්‍ර ලංකා නායකයා සහ පුහුණු කරුවා වන ග‍්‍රැහැම් ෆෝඞ් මහතාගේ උපදෙස් මත එහි තිබූ තණකොළ තවත් ප‍්‍රමාණයක් කපා ඉවත් කරන ලදි.
තණතීරුව දග පන්දු යවන්නන්ගේ පරාදීසයක් වන ලකුණු ඊයේ වන විටත් පහළ වී තිබිණ. දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් ශී‍්‍ර ලාංකික දග පන්දු යවන්නන් හමුවේ දක්වන දුර්වලතා පිළිබඳවද ශී‍්‍ර ලංකා පිල විශේෂ අවධානයක් යොමුකර තිබිණ.

සෙනසුරාදා සවස් වරුවේ පැවැති දැඩි සුළග පිළිබඳව නම් චන්දිමාල් තරමක් නොසතුටට පත්ව සිටිනු දක්නා ලදි. එහෙත් එයින් ඔහු සසළ වූ බවක් දක්නට නොලැබුණු අතර එන තත්ත්වයට මුහුණ දීමට සූදානමින් සිටියේය.

තරුණ කී‍්‍රඩකයන් දිගින් දිගටම අසාර්ථක වෙද්දී ශී‍්‍ර ලංකා පිලේ පසුගිය තරග කිහිපයකදීම ජයග‍්‍රහණයට පාර කපා දුන්නේ පළපුරුදු කී‍්‍රඩකයන් වූ නමුත් තමන්ගේ තරුණ කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් චන්දිමාල්ට විශ්වාසයක් තිබේ.

--තරුණ කී‍්‍රඩකයන්ට අවස්ථාව දීලා බලන්න මේක අපට හොඳ තරගාවලියක්”

--මීළ`ග වි:20 ලෝක කුසලාන තරගාවලියට ඒ තරම් කාලයක් නෑ. ඒ නිසා මේ කී‍්‍රඩකයන් දස්කම් අතරට ඇවිත් ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම ඇතුළේ තමන්ට හිමි තැන අරගනීවි කියා අප බලාපොරොත්තු වෙනවා”යයි චන්දිමාල් පැවසීය.

--එක්දින තරගාවලියේදී මෙන්ම විස්සයි 20 තරගයේදීත් අවසන්  ඕවර කිහිපයේදී වේග පන්දු යවන්නන් යොදා ගැනීමෙන් බලාපොරොත්තු නොවූ තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේ අවසරය දකුණු අපි‍්‍රකානු පිලට ලැබීම සම්බන්ධයෙන් කළ විමසීමේදී චන්දිමාල් පවසා සිටියේ ඊට හේතුව එම දිනයේ පන්දු යවන්නන්ගේ තත්ත්වය බවයි.

--පළමු වි:20 තරගයේ අවසන්  ඕවර කිහිපයේදී මා අජන්ත මෙන්ඩිස් යොදාගත්තා”

--දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් අපේ ද`ග පන්දු යවන්නන්ට ඒ තරම් හොඳින් මුහුණ දෙන්නේ නෑ. ඒ නිසා අප ද`ග පන්දු යවන්නන් වැඩි වැඩියෙන් යොදා ගන්නවා”

--ඒත් එදා දවසේ පන්දු යවන්නන් පන්දු යවන ආකාරය අනුව, සමහරවිට, වේග පන්දු යවන්නන් ඒ කාර්යය සඳහා වඩාත් යෝග්‍යයි නායකයාට සිතෙන්නට පුළුවන්” යයිද චන්දිමාල් පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවැනි වි:20 තරගය අද පස්වරු 7.00 ට ආරම්භ වේ. දකුණු අපි‍්‍රකානු පිල 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

- දමින්ද විජේසූරිය සූරියවැව කී‍්‍රඩාංගනයේ සිට....

(ඡායාරූපය: ශාන්ත රත්නායක)
 


අදහස් (2)

ශී‍්‍ර ලංකා පිල ඒදණ්ඬේ ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.