Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා රග්බි පිලට තුන්වැනි තැන

ශී‍්‍ර ලංකා රග්බි පිලට තුන්වැනි තැන

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී මලයාසියානු කණ්ඩායම ලකුණු 31 - 12 කින් පරාජය කිරීමත් සමග ආසියානු සත් සාමාජික රග්බි කණ්ඩායම් අතරේ තුන්වැනි ස්ථානය ස්ථාවර කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

අවසන් පූර්ව වටයේදී හොං කොං පිල හමුවේ ලකුණු 33 - 19 කින් පරාජය වූ ශී‍්‍ර ලංකා පිල තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී මලයාසියානු කණ්ඩායම පහසුවෙන්ම පරාජය කරන ලදි. මෙම තරගාවලිය ඊයේ සහ අද (12 සහ 13) ඉන්දියාවේ මුම්බායි නුවර, ජිම්කානා කී‍්‍රඩා සමාජයේදී පැවැත්විණ.

මුම්බායිහිදී ඊයේ (12 වැනිදා) පැවැති පළමු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ලකුණු 55-07 ක දැවැන්ත ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදී තායිලන්ත කණ්ඩායම පරදවා ලකුණු 28-05 ක පහසු ජයක් ලබාගත්තේය. ඒ සඳහා සඳුන් හේරත්, ප‍්‍රදීප් ලියනගේ, චූලා සුසන්ත සහ ශී‍්‍රනාත් සූරියබණ්ඩාර ශී‍්‍ර ලංකා පිලට ලකුණු අත්කර දුන්හ.

අර්ධ අවසන් පූර්ව තරගයේදී පිලිපීනය පරදවා ලකුණු 12-05 ක ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් දෙවැනි අර්ධයේදී ඉතාමත් අගනා උත්සාහක දිනුමක් ලබාගැනීමට සාලිය කුමාර සමත් විය.

අනතුරුව පැවැති අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල පළමු විනාඩියේදීම තරගයේ පාලනය අතට ගත් අතර දිගින් දිගටම උත්සාහක දිනුම් ලබාගනිමින් ඉදිරියට ගියහ. පළමු අර්ධය නිමාවේදී 21 - 7 ක් ලෙසින් පසුපසින් වූ ශී‍්‍ර ලංකා පිලට බලාපොරොත්තුවක සේයාවක් වත් නොතිබිණ.

විවේකයෙන් පසුව පිට පිටම උත්සාහක දිනුම් දෙකක් ලබාගත් හොං කොං කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු සුන්කර දැමූහ. පළමු අර්ධයේදී දිනූෂ චතුරංග උත්සාහක දිනුමක් ලබාගත් අතර දෙවැනි අර්ධයේදී චූලා සුසන්ත සහ සාලිය කුමාර උත්සාහක දිනුමක් බැගින් ලබාගත්හ.

අවසන් තරගයේදී ජපානය ලකුණු 24 - 14 කින් පරාජය කළ හොං කොං කී‍්‍රඩකයෝ මුම්බායි සත් සාමාජික තරගාවලියේ කුසලානය දිනාගත්හ.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා රග්බි පිලට තුන්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.