Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිතයට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන පළමු පෙළ කි‍්‍රකට් තරගයේදී ලකුණු 93 ක ඉලක්කයක් කරා යමින් සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය වන අද (16 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටියේය.
තරගය ජයගැනීම සඳහා සම්පූර්ණ දිනයක කාලයක් ඉතිරිව තිබෙන අතර ඔවුන් ලබාගත යුත්තේ තවත් ලකුණු 74 ක් පමණි.
පළමු ඉනිමේදී ලකුණු 265 කට දැවී ගිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිත කණ්ඩායම ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම හමුවේ ලකුණු 184 ක මුල් ඉනිමේ අවාසියකට මුහුණ දුන්නේය. එහෙයින් දෙවැනි ඉනිම සඳහා ශී‍්‍ර ලංකා සංවර්ධන සංචිත පිල ලබාගත් ලකුණු 276 සැබෑ වටිනාකම පහළ බැස්සේය.
පිතිකරු ලයිස්තුවේ උසස් වීමක් ලද වමත් පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලද අවස්ථාවෙන් අනගි ප‍්‍රයෝජන ගනිමින් පන්දු 116 කදී හතරේ පහර 10 ක් ද සමගින් ලකුණු 94 ක් ලබාගත් නමුත් අශාන් පි‍්‍රයන්ජන්ගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් දීමෙන් ශතකය පෙනි පෙනී දැවී ගියේය.
දික්වැල්ල සහ සංවර්ධන සංචිත පිලේ නායක ළහිරු තිරිමාන්න අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 104 දී අවසන් කිරීමට පි‍්‍රයන්ජන් සමත් විය. පන්දු 92 කදී ලකුණු 46 ක් ලබාගත් තිරිමාන්නගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.
අද දහවලදීම කඩුලූ දෙකක් බැගින් දවාගත් ඩිල්රුවන් පෙරේරා සහ විමුක්ති පෙරේරා ලකුණු 138 ක් වන විට පස්වැනි කඩුල්ලත් බිඳ දමමින් සංවර්ධන සංචිත පිල අමාරුවේ දැමූහ. ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන් හය දෙනකු අතර කඩුලූ 9 ක් බෙදී ගිය හෙයින් සංවර්ධන සංචිත ඉනිම ලකුණු 276 දී නිමා විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.