Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැති පළමු පෙළ කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (17 වැනිදා) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිත පිල පරදවා කඩුලූ 7 ක පහසු ජයක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. ලකුණු 93 ක පහසු ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලූ 3 ක් දැවී තම ඉලක්කය කරා අවතීර්ණ විය.
කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ ගණනාවකට ඊයේ රාති‍්‍රයේ ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම විනාඩි 45 කින් ප‍්‍රමාද කෙරුණද තරගය ආරම්භ වී විනාඩි 75 ක් වැනි කාලයක් ඇතුළත ජයග‍්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 74 ලබාගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (16 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටියේය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළද 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වන ආරම්භක පිතිකරු පබසර වඩුගේ නොදැවී ලකුණු 54 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය. පබසරගේ පන්දු 74 ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
තරගාවලියේ අවසන් තරගය වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර තරගය මේ මස 21 වැනිදා එස්. එස්. සී. පිටියේදී ආරම්භ වේ. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය අවලංගු වීම නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.