Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරතාව රැකගැනීමට ඩකා නුවර යති

ශූරතාව රැකගැනීමට ඩකා නුවර යති

editorial - 2021 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

දකුණු ආසියානු පැසිපන්දු ශූරයන් වන ශී‍්‍ර ලංකා පැසිපන්දු කණ්ඩායම වසර 3 කට ඉහතදී දිනාගත් ශූරතාව රැුකගැනීමේ අපේක්‍ෂාවෙන් හෙට (13 වැනිදා) අලූයම බංග්ලාදේශය බලා පිටත්ව යයි. දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය මේ මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙයි.

ආසියානු කලාපයේ රටවල් 6 ක් තරගාවලියට සහභාගි වන අතර මෙම තරගාවලිය අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ 2025 ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙසින්ද සැලකේ.

කී‍්‍රඩකයන් 120 දෙනකු අතුරින් තෝරාගන්නා ලද ජාතික සංචිතය වරින් වර 60 ක්, 20 ක්, 15 ක් සහ 12 ක් දක්වා අඩුකරන ලදි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මාසයකට ආසන්න කාලයක් ජෛව ආරක්‍ෂිත බුබුළක සිය පුහුණුවීම් කළේය. ඒ 2018 වසරේදී බංග්ලාදේශය පරාජය කරමින් දිනාගත් දකුණු ආසියානු ශූරතාව රැකගැනීමේ අපේක්‍ෂාවෙනි.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමෙන් එල්ල විය හැකි තර්ජනය පහසුවෙන් අමතක කළ නොහැකිය. වසර 2002 සිට මේ දක්වා පවත්වා ඇති දකුණු ආසියානු පැසිපන්දු තරගාවලි 7 න් පහකදීම ශූරතාව දිනා ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. අන්තර්ජාතික පැසිපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දීය කණ්ඩායම 78 වැනි ස්ථානයේ සිටින අතර ශී‍්‍ර ලංකාව 132 වැනි ස්ථානයේ සිටී.

වත්මන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇති විශාලතම වාසිය වන්නේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් උස කී‍්‍රඩකයන් වීමයි. ශී‍්‍ර ලංකා පිලේ කී‍්‍රඩකයන් 12 දෙනාගෙන් 9 දෙනෙක්ම අඩි 6 කට වඩා උසින් යුත් කී‍්‍රඩකයෝ වෙති. උස කී‍්‍රඩකයෝ කවදත් පැසිපන්දු පිටියේ රජකරති. අනෙක් අතට 2018 දී ශූරතාව දිනාගත් කී‍්‍රඩකයෝ කිහිපදෙනෙක්ම වත්මන් කණ්ඩායමේත් සිටිති.

ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ කී‍්‍රඩකයකු වන ක්ලින්ටන් ස්ටැලෝන් තේවකුමාර්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන ශී‍්‍ර ලංකා කණ්ඩායමට පළපුරුදු කී‍්‍රඩකයෝ මෙන්ම තරුණ කී‍්‍රඩකයෝත් ඇතුළත් වෙති. අතිරේක කී‍්‍රඩකයන් අතර සිටින යෝගනාදන් සිම්රන් සහ ෂෙහාන් ප‍්‍රනාන්දු දෙදෙනා පාසල් කී‍්‍රඩකයෝ වෙති.

‘වෙලෝනා’ ව්‍යාපාරය සහ ‘වාජ්’ ආයතනය ශී‍්‍ර ලංකා කණ්ඩායමට සම අනුග‍්‍රහය දක්වති. මාස් හෝල්ඩිංග්ස් ආයතනය කණ්ඩායමේ ඇ`ගලූම් අනුග‍්‍රාහකයන් වශයෙන් කටයුතු කරයි.


ශී‍්‍ර ලංකා පැසිපන්දු කණ්ඩායම
ක්ලින්ටන් ස්ටැලෝන් තේවකුමාර් (නායක), රුක්ෂාන් අතපත්තු (උප නායක), ගයාන් ද කෲස්, තිමති නිතූෂාන්, ප‍්‍රනීත් උඩුමලගල, චානුක ප‍්‍රනාන්දු, ආර්නෝල්ඞ් බ්‍රෙන්ට් තේවකුමාර්, උදයංග පෙරේරා, දසුන් නිලන්ත, පවන් ගමගේ, නිමේෂ් ප‍්‍රනාන්දු සහ අසංක මහේෂ්

අතිරේක කී‍්‍රඩකයෝ
සසිඳු ගජනායක, යෝගනාදන් සිම්රන් සහ ෂෙහාන් ප‍්‍රනාන්දු

නිලධාරීහු
ඊලියන් ගුණවර්ධන (කණ්ඩායමේ ප‍්‍රධානියා), හෂේන්ද්‍ර ප‍්‍රනාන්දු (කළමණාකරු), සුසිල් උඩුකුඹුර (පුහුණුකරු), රනුක නානායක්කාර (සහාය පුහුණුකරු), ගිහාන් බුද්ධික කාහිංගල (අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ බලය ලත් තරග තීරක)  යන මහත්වරු

 


අදහස් (0)

ශූරතාව රැකගැනීමට ඩකා නුවර යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.