Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරතා හීරාට - නෙත්මිට

ශූරතා හීරාට - නෙත්මිට

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලියේ විවෘත කේවල ශූරතා දිනා ගැනීමට හීරා ආෂික් සහ නෙත්මි වඩුගේ අද (25 වැනිදා) සමත් වූහ.

පිරිමි කේවල අවසන් අවසන් මහ තරගයේදී තරග වට 3-0 ක් ලෙස නිෂාංගන් නඩරාජා පරාජය කරමින් හීරා අෂික් ශූරතාවට හිමිකම් කීය. කාන්තා කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස අනිකා සෙනෙවිරත්න පරාජය කරමින් නෙත්මි වඩුගේ ශූරතාවට හිමිකම් කීවාය.

අවසන් පූර්ව වටයේදී තරග වට 3-0 ක් ලෙස අනීෂ් වීරසිංහ පරාජය කරමින් හීරා අෂික් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නිෂාංගන් නඩරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 3-1 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කරමිනි.

අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස නතාෂා මුණවීර පරාජය කරමින් නෙත්මි වඩුගේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර අනිකා සෙනෙවිරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 2-0 ක් ලෙස ප්‍රබුද්ධි පෙරේරා පරාජය කරමිනි.

තරගාවලියේ විවෘත යුගළ අවසන් පූර්ව තරග හෙට (26 වැනිදා) කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


තරග ප්‍රතිඵල

පිරිමි කේවල
■    හීරා අෂික් විසින් තරග වට 3-0 ක් ලෙස නිෂාංගන් නඩරාජා පරාජය කරන ලදි. (6/3, 6/3, 6/2)

කාන්තා කේවල
■    නෙත්මි වඩුගේ විසින් තරග වට 2-0 ක් ලෙස අනිකා සෙනෙවිරත්න පරාජය කරන ලදි. (7/5, 6/3)

 


අදහස් (0)

ශූරතා හීරාට - නෙත්මිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.