Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 75 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේ විවෘත පිරිමි සහ කාන්තා කේවල ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චමීර ගිණිගේ සහ මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූහ.
බිමන්දි ජාතික ශූරිය බවට පත් වූ තෙවැනි අවස්ථාව මෙය වූ අතර මින් පෙර 2018 සහ 2021 යන වසරවලදීද ඇය ජාතික මේසපන්දු ශූරිය බවට පත්වූවාය. චමීර ජාතික මේසපන්දු ශූරයා බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර ඔහු ජාතික ශූරතාවට හිමිකම් කියා තිබුණේ 2018 වසරේදීය.
අවසන් මහ තරගයේදී එම්ජේ පුද්ගලික සමාගමේ ප්‍රසාද ද සිල්වා පරාජය කරමින් චමීර මෙවර පිරිමි කේවල ශූරතාවට හිමිකම් කී අතර බිමන්දි මෙවර කාන්තා කේවල ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී ජී.එස්.එම්. විද්‍යායතනයේ මනීෂා ශලින්දි පරාජයට පත් කරමිනි.
පිරිමි යුගල ඉසව්වේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ නුවන්ත නිරෝෂන සමග සමග එක්ව තරග වැදුණ චමීර, අවසන් තරගයේදී ඕල්ඩ් ශෝකියන්ස් ක්‍රීඩා සමාජයේ චනුල් දුල්සෙන් සහ ප්‍රසාද ද සිල්වා (එම්ජේ පුද්ගලික සමාගමේ) පරාජය කරමින් එහි ශූරතාව දිනා ගත්තේය.
කාන්තා යුගල ඉසව්වේදී කොළඹ කාන්තා විදුහලේ අයිලා චිට්ටි සමග තරග වැදුන බිමන්දිට අවසන් මහ තරගයේදී ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) සහ හංසනී පියුමිලා (නාවික හමුදාව) හමුවේ පරාජය වීම හේතුවෙන් එහි අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය.
නුවන්ත නිරෝෂන සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කසුනි පිටිගල මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමට සමත් වූයේ අවසන් තරගයේදී විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජයේ දිනේෂ් කවිෂ්ක සහ මහනුවර හිල් වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර පරාජයට පත්කරමිනි.
තරග ප්‍රතිඵල
විවෘත පිරිමි කේවල
ශූරතාව - චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
අනු ශූරතාව - ප්‍රසාද් ද සිල්වා (එම්ජේ පුද්ගලික සමාගම)
විවෘත පිරිමි යුගල
ශූරතාව - චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) සහ නුවන්ත නිරෝෂන (ශ්‍රී ලංකා යුද හමුදාව)
අනු ශූරතාව - චනුල් දුල්සෙන් (ඕල්ඩ් ශෝකියන්ස් ක්‍රීඩා සමාජය) සහ ප්‍රසාද ද සිල්වා (එම්ජේ පුද්ගලික සමාගමේ)
විවෘත කාන්තා කේවල
ශූරතාව - බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුල් බාලිකා විදුහල)
අනු ශූරතාව - මනීෂා ශලින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
විවෘත කාන්තා යුගල
ශූරතාව - ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) සහ හංසනී පියුමිලා (නාවික හමුදාව)
අනු ශූරතාව - බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුල් බාලිකා විදුහල) සහ අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල)
විවෘත මිශ්‍ර යුගල
ශූරතාව - නුවන්ත නිරෝෂන (ශ්‍රී ලංකා යුද හමුදාව) සහ කසුනි පිටිගල (ශ්‍රී ලංකා යුද හමුදාව)
අනු ශූරතාව - දිනේෂ් කවිෂ්ක (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුල් බාලිකා විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.