Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයා යසිත - ශූරිය අංජලිකා
ජාතික ටෙනිස් ශූරතාවලිය

ශූරයා යසිත - ශූරිය අංජලිකා

editorial - 2021 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානයෙන් එම සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති 106 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට යසිත ද සිල්වාත්, කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අංජලිකා කුරේරාත් සමත් වූහ. ඔවුන් දෙදෙනා ජාතික ශූරයා සහ ශූරිය බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙය විය.

පිරිමි කේවල අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 7/6 ක් ලෙස ජය ගැනීමට චාතූර්ය නිලවීර සමත් වුවත්, එම වටයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ යසිත ද සිල්වා දෙවැනි සහ තෙවැනි වට ලකුණු 6/4 ක් ලෙස ජයගනිමින් වසරේ (2021) ජාතික ශූරයා බවට පත් විය. 

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස ලූකා නීස් පරාජය කරමින් යසිත අවසන් මහ තරගයට පිවිසියේය. චාතූර්ය අවසන් මහ තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න පරාජය කරමිනි.

අංජලිකා කුරේරා මෙවර ජාතික ටෙනිස් ශූරිය බවට පත් වූයේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරමිනි. පළමු වටයේදී ලකුණු 6/3 ක් ලෙස ජනාලි පරාජය කළ අංජලිකා දෙවැනි වටය ජයගත්තේ ලකුණු 6/2 ක් ලෙසිනි.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස නෙයාරා වීරවංශ පරාජය කරමින් අංජලිකාත්, දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස හසාලි ගජබා පරාජය කරමින් ජනාලිත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

පිරිමි කේවල අවසන් මහ තරගය

යසිත ද සිල්වා විසින් තරග වට 2-1 ක් ලෙස චාතූර්ය නිලවීර පරාජය කරන ලදි. (6/7, 6/4, 6/4)

කාන්තා කේවල අවසන් මහ තරගය

අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරන ලදි. (6/3, 6/2)


අදහස් (0)

ශූරයා යසිත - ශූරිය අංජලිකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.