Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය 44 වැනි වරටත් සංවිධානය කළ ජාතික ස්කොෂ් ශුරතාවලියේ විවෘත පිරිමි ශුරතාව දිනාගැනීමට රවිඳු ලක්සිරිද, විවෘත කාන්තා ශුරතාව දිනාගැනීමට චනිත්මා සිනාලිද සමත් වූහ. රත්මලාන ගුවන් හමුදා කඳවුරු ස්කොෂ් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 ක් පමණ සහභාගි වූහ.
පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ශමිල් වකීල් පරාජය කරමින් රවිඳු මෙවර ජාතික ශූරතාව දිනාගතතේය. ඔහු පිට පිටම ජාතික ස්කොෂ් ශූරයා බවට පත් වූ 12 වැනි අවස්ථාව මෙය විය. චනිත්මා මෙවර ජාතික ශූරතාව දිනාගත්තේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස යෙහෙනි කුරුප්පු පරාජය කරමිනි.
පිරිමි කේවල, කාන්තා කේවල, ආධුනික පිරිමි, ආධුනික කාන්තා, වයස 35 න් ඉහළ පිරිමි, වයස 40 න් ඉහළ පිරිමි, වයස 50 න් ඉහළ ප්‍රවීණ පිරිමි යන කාණ්ඩ 7 යටතේ මෙම තරගාවලියේදී තරග පැවැත්විණ.
තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ස්කොෂ් තේරීම් කමිටු සභාපති විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී විංග් කොමදෝරු නලින් ජයතිලක මහතා සහභාගි විය. එම අවස්ථාව සඳහා ‘යෙටි’ සමාගමේ අධ්‍යක්ෂක දිල්ෂාන් බාලසූරිය මහතා සහ ස්කොෂ් සංගමයේ සභාපති ධම්මික විජේසුන්දර මහතාද එක් වූහ.
තරග ප්‍රතිඵල
පිරිමි අවසන් මහ තරගය
රවිඳු ලක්සිරි විසින් තරග වට 3-0 ක් ලෙස ශමිල් වකීල් පරාජය කරන ලදි.
කාන්තා අවසන් මහ තරගය
චනිත්මා සිනාලි විසින් තරග වට 3-1 ක් ලෙස යෙහෙනි කුරුප්පු පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.