Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයා ලක්ෂිත : ශූරිය නිකිතා
රෙඩ්බුල් මයි වේව්

ශූරයා ලක්ෂිත : ශූරිය නිකිතා

editorial - 2022 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

හික්කඩුව වෙරළ තීරයේදී පැවැති හයවැනි රෙඩ්බුල් මයි වේව් රළ මත ලිස්සා යෑමේ තරගාවලියේ තරගාවලියේ ශූරයා ශ්‍රී ලංකාවේ ලක්ෂිත මධුෂාන්ද, ශූරිය ලෙස දකුණු අප්‍රිකාවේ නිකිතා රොබ්ද සම්මාන දිනාගත්හ.

දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 කට වැඩි පිරිසක් මෙම තරගාවලියට සහභාගි වූ අතර ඔස්‍ට්‍රියාව, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, ජර්මනිය, ඇස්ටෝනියාව, ප්‍රංශය, එංගලන්තය, ඊශ්‍රාලය, නෙදර්ලන්තය, රුසියාව, ස්වීඩනය, ඇමරිකා‍ව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 25 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊට ඇතුළත් වූහ.

පිරිමි කාණ්ඩ‍යේ මූලික වටය සඳහා ක්‍රීඩකයන් 100 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර ඔවුන්ගෙන් 45 දෙනෙක් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබූහ. ඉන් තෙවැනි වටය සඳහා 18 දෙනෙක්ද, සිවුවැනි වටය සඳහා 12 දෙනෙක්ද, අවසන් පුර්ව වටය සඳහා 6 දෙනෙක්ද, අවසන් මහ තරගය සදහා 4 දෙනෙක්ද තෝරාගනු ලැබූහ. 

ඔවුන් අතරින් අවසන් මහ තරගයේදී ලකුණු 13.8 ක් ලබාගත් ලක්ෂිත මධුෂාන් තරගාවලියේ ශූරයා බවට පත් විය. ලකුණු 12.4 ක් ලබාගත් සචින් තාරක දෙවැනි ස්ථානය හිමිකර ගනිද්දී, ලකුණු 10.6 ක් ලබාගත් ස්ටීව් සීලි තෙවැනි ස්ථානයට පත් විය.

කාන්තා කාණ්ඩයේ මූලික වටය සඳහා ක්‍රීඩිකාවන් 23 දෙනෙක් සහභාගි වූ අතර ඉන් 16 දෙනෙක් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබූහ. ඔවුන් අතරින් අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩිකාවන් 8 දෙනෙක්ද, අවසන් මහ තරගය සඳහා ක්‍රීඩකාවන් 4‍ ‍දෙනෙක්ද තෝරාගනු ලැබූහ.

අවසන් මහ තරගයේදී ලකුණු 11.5 ක් ලබාගත් නිකිතා රොබ් තරගාවලියේ ශූරිය බවට පත්වෙද්දී, ලකුණු 5.6 ක් ලැබූ කැමරන් හීනමාන් දෙවැනි ස්ථනයද, ලකුණු 4.9 ක් ලැබූ කෘට් ලීසන්ස් තෙවැනි ස්ථානයද හිමිකර ගත්හ.

 

 


අදහස් (0)

ශූරයා ලක්ෂිත : ශූරිය නිකිතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.