Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයා සෙනුර : ශූරිය මනීෂා

ශූරයා සෙනුර : ශූරිය මනීෂා

ශානුක අරවින්ද - 2020 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේ බාලක කේවල ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සමත් විය. කරන්දෙනිය මැදි විදුහලේ මනීෂා සලින්දි බාලිකා කේවල ශූරතාව දිනාගැනීමට  සමත් වූවාය.

වයස 18 න් පහළ බාලක කේවල අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ චන්දූප අලහකොන් පරාජය කරමින් සෙනුර එම ශූරතාවට හිමිකම් කීවේය. මනීෂා එම ශූරතාවට හිමිකම් කීවේ වයස 18 න් පහළ බාලිකා කේවල අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර පරාජය කරමිනි.
 
එම ශූරතාවට අමතරව වයස 15 න් පහළ බාලක කේවල ශූරතාව, වයස 18 න් පහළ බාලක යුගල ශූරතාව සහ වයස 18 න් පහළ මිශ්‍ර යුගල ශූරතාවද හිමිකරගත් සෙනුර, මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද සම්මාන දිනාගත්තේය. මිශ්‍ර යුගල තරගයේදී ඔහු ජිතාරා වර්ණකුලසූරිය සමග එක්ව තරග වැදුණේය.

වයස 15 න් බාලිකා කේවල ශූරතාව දිනාගත් මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ වයස 18 න් පහළ බාලිකා කේවල අනු ශූරතාවට, 18 න් පහළ බාලික යුගල අනු ශූරතාවට මෙන්ම 18 න් පහළ මිශ්‍ර යුගල අනු ශූරතාවටද හිමිකම් කියමිනි.

ගල්කිස්ස යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 450 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

තරග ප්‍රතිඵල (බාලක)
වයස 10 න් පහළ කේවල
දිලිත් දින්සර (කෑගලු විද්‍යාලය) විසින් තරග වට 3-2 ක් ලෙස අකේන් බෝජිත් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (06/11, 11/06, 08/11, 11/03, 11/03)
 
වයස 12 න් පහළ කේවල
දිරේන් හාමර් (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලැයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/06, 11/09, 11/08)

වයස 15 න් පහළ කේවල
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ධනුෂ්ක විජේසිංහ (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (12/10, 16/14, 11/05)

වයස 18 න් පහළ කේවල
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (03/11, 11/03, 11/05, 11/06)

වයස 18 න් පහළ යුගල
සෙනුර සිල්වා සහ හිරුණ වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හේලික හෙන්ඳාවිතරණ සහ තිසස් රාංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදහ. (11/06, 08/11, 07/11, 11/07, 11/08)


තරග ප්‍රතිඵල (බාලිකා)
වයස 10 න් පහළ කේවල  
මේකල්‍යා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සමින්දි වීරසූරිය (මහනුවර යහපත් එfඬ්රාගේ කන්‍යාරාමය) පරාජය කරන ලදි. (11/13, 11/07, 11/05, 11/05)

වයස 12 න් පහළ කේවල  
ලෙසන්‍යා සෙතුම්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. (12/10, 06/11, 06/11, 13/11, 11/09)

වයස 15 න් පහළ කේවල  
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සඳුනි ප්‍රබුද්දිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (14/12, 11/03, 11/04)
 
වයස 18 න් පහළ කේවල  
මනීෂා සලින්දි (කරණ්දෙනිය මැදි විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල) පරාජය කරන ලදි. (07/11, 11/09, 09/11, 14/12, 11/09)

වයස 18 න් පහළ යුගල
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) සහ තනුෂි රොද්‍රිගූ (කොළඹ මහමායා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) සහ අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදහ. (12/10, 09/11, 10/12, 11/07, 12/10)

වයස 18 න් පහළ මිශ්‍ර යුගල
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) සහ ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඩ් විදුහල) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදහ. (11/06, 11/09, 11/08)


අදහස් (0)

ශූරයා සෙනුර : ශූරිය මනීෂා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.