Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය සහ පාකිස්තානය අතර මේ දින වල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී කෝරි ඇන්ඩසන්ගේ පන්දුවක් හිසේ වැදීම නිසා පාකිස්තාන පිලේ ආරම්භක පිතිකරු අහමඞ් ශෙෂාඞ්ට තරගාවලියේ ඉතිරි තරග දෙකම අහිමි වී තිබේ. කෝරි ඇන්ඩර්සන්ගේ පන්දුවක් තණතීරුවේ මැද කෙටී ඉහළ නැග එමින් අහමඞ් ශෙෂාඞ්ගේ හිසේ වැදීමෙන් ඔහුගේ හිස් කබලේ සුළු පිපිරීමක් සිදුවී තිබේ.
පන්දුව හිසේ වැදුණ විගස ඔහු හිස අල්ලාගෙන වේදනාවෙන් තණතීරුව මත වැතිරී සිටියේය. පන්දුව වැදීමෙන් පසුව බිද ඇද වැටුණු ශෙෂාඞ්, මඳ වේලාවක් අපහසුවෙන් ගතකළ අතර කණ්ඩායමේ භෞත චිකිත්ස බ‍්‍රැඞ් රොබින්සන් මහතාගේ ආධාර ඇතිව පිටියෙන් ඉවතට ගියේය.
පන්දුව වැදීමෙන් පසු ශෙෂාඞ්ගේ පිත්ත අතින් ගිළිහී කඩුල්ල මතට වැටීම නිසා විනිසුරුවරයා, ඔහු දැවී ගිය කී‍්‍රඩකයකු ලෙස නම් කළ අතර ඒ වන විට ඔහු ලකුණු 176 ක් ලබා සිටියේය.
”මෙම අනතුරෙන් පසුව ඔහුව ආපසු පාකිස්තානයට යවන්න අපි තීරණය කළා. ඒ එක්කම සති 6 ක කාලයක් විවේක සුවයෙන් සිටින ලෙසද අපි ඔහුට උපදෙස් දුන්නා.” යැයි මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තාන පිලේ කළමනාකරු මොයින් ඛාන් මහතා ප‍්‍රංශ පුවත් සේවයට කියා සිටියේය.
ඒ අනුව ශෙෂාඞ්ට නොවැම්බර් මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මෙන්ම 26 වැනිදා සිට 30 වැනිදා දක්වා සාජාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයද අහිමිවී යනු ඇත.
මොයින් ඛාන් මහතා පවසන පරිදි දෙසැම්බර් මස 4 වැනිදා සහ 5 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි20 අන්තර් ජාතික තරග සඳහා බොහෝ දුරට ශෙෂාඞ්ගේ නැවතත් පාකිස්තානු පිලට එක්වනු ඇත.
නවසීලන්තට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයට තව්ෆික් උමාර් සහ ශාන් මසූද් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනාද ඇතුළත්ව සිටීම නිසා ශෙෂාඞ්ගේ හිඩැස පිරවීම සඳහා පාකිස්තාන පිලට අපහසු නොවනු ඇත.
(විස්ඩන් ඉන්දියා ඇසුරිනි)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.