Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශෙෂාඩ්ට දඩයක්

ශෙෂාඩ්ට දඩයක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර සාජාහිදී ඊයේ (22 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී පන්දුවට පහර දෙමින් සිටි තිලකරත්න ඩිල්ෂාන්ව උරහිසෙන් තල්ලූ කිරීම නිසා පාකිස්තානු ආරම්භක පිතිකරු අහමඞ් ශෙෂාඞ්ට ඔහුගේ තරග මුදලින් 50% ක දඩයක් නියම කෙරිණ. තරග තීරක ඬේවිඞ් බූන් මහතා මෙම දඩ මුදල නියම කළේය.

කී‍්‍රඩකයකු සමග තරගයක් අතරතුරදී නොමනා ශාරීරික ගැටුමක් ඇතිකරගැනීම නිසා අන්තර්ජාතික කි‍්‍රකට් සභා ආචාර ධර්ම පද්ධතියේ 2.2.4 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශෙෂාඞ් වැරදිකරුවා වූයේ යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නිවේදනය කළේය.

දකුණු අපි‍්‍රකානු ජාතික විනිසුරු ජොහාන් ක්ලෝට් සහ පාකිස්තානු විනිසුරු සොහාබ් රාසා යන ප‍්‍රධාන විනිසුරුවරුන් දෙදෙනාත් රූපවාහිනී විනිසුරුවරයා වූ රිචඞ් ඉලිංවර්ත් සහ අසාන් රාසා යන මහත්වරුත් එක්ව අහමඞ් ශෙෂාඞ්ට එරෙහිව මෙම චෝදනාව ගොනු කළහ.

තරගයේ 19 වැනි  ඕවරයේදී ඩිල්ෂාන් සමගින් වචන හුවමාරුවකට පැටළුණු අහමඞ් ශෙෂාඞ් එය නිමාකළේ ඩිල්ෂාන්ගේ උරහිස තල්ලූ කිරීමෙනි.
මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 113 කින් පරාජය කළ පාකිස්තානු කණ්ඩායම 2-1 ක් ලෙසින් තරගාවලියේ පෙරට පැමිණියේය.


අදහස් (9)

ශෙෂාඩ්ට දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.