Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශොයෙල් ඩැනියෙල් ද්විත්ව සම්මාන දිනාගනී

ශොයෙල් ඩැනියෙල් ද්විත්ව සම්මාන දිනාගනී

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ වාර්ෂික ජාතික සම්මාන උළෙලේදී ද්විත්ව සම්මාන දිනාගැනීමට ශොයෙල් ඩැනියෙල් සමත් විය. මෙම සම්මාන උළෙල ඉකුත්දා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑෂ් උත්සව ශාලාවේදී පැවැත්විණ.

එහිදී ශොයෙල් ද්විත්ව සම්මානයන්ට හිමිකම් කීවේ තාර ඇතිරූ ධාවන පථවල පැවැති තරගාවලිවල ප්‍රධාන ඉසව් දෙකක් වන ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 175 සිට 250 දක්වා) නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි ඉසව්වේ ශූරතාව මෙන්ම ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 600 දක්වා) නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි ඉසව්වේ ශූරතාවද තමන් සතුකර ගනිමිනි.

ශොයෙල් ඩැනියෙල්

බොරළු සහිත ධාවන පථවල පැවැති තරගාවලිවල ප්‍රධානම ඉසව්ව වන ‘එම්-එක්ස්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ ශූරතාව දිනාගැනීමට බුද්ධික කසුන් සිල්වා සමත් විය.

ඒරන් සහ ජේඞ්න් ගුණවර්ධන සොයුරන් දෙදෙනා තාර ඇතිරූ ධාවන පථවල පැවැති ජාත්‍යන්තර තරගාවලි වලදී දැක්වූ දක්ෂතා වෙනුවෙන්ද, ඉෂාන් දසනායක, ගයාන් සඳරුවන් සහ දිලිත කල්හාර බොරළු සහිත ධාවන පථවල පැවැති ජාත්‍යන්තර තරගාවලි වලදී දැක්වූ දක්ෂතා වෙනුවෙන්ද එහිදී සම්මාන ලැබූහ.

මෙම සම්මාන උළෙලේදී තාර ඇතිරූ ධාවන පථවල පැවැති තරගාවලි වලදී දස්කම් දැක්වූවන් සඳහා සම්මාන 6 ක්ද, බොරළු සහිත ධාවන පථවල පැවැති තරගාවලි වලදී දස්කම් දැක්වූවන් සඳහා සම්මාන 5 ක්ද, ජාත්‍යන්තර තරගාවලි වලදී දස්කම් දැක්වූවන් සඳහා සම්මාන 5 ක්ද පිරිනැමිණ.


තාර ඇතිරූ ධාවන පථවල පැවැති තරගාවලි වලදී දස්කම් දැක්වූවෝ :

■    ‘ඕ’කාණ්ඩයේ (සි. ධා. 125 සිට 160 දක්වා) සාමාන්‍ය යතුරුපැදි ශූරතාව - හංසිකා අබේසිංහ
■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ට්‍රීට් ට්‍රේල්) ශූරතාව - උදාන පෙරේරා
■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 175 සිට 250 දක්වා) නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි ශූරතාව - ශොයෙල් ඩැනියෙල්
■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 600 දක්වා) නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි ශූරතාව - ශොයෙල් ඩැනියෙල්
■    ‘එස්-එම්.’ කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ශූරතාව - සංගීත් සූරියගේ
■    ‘එස්-එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ශූරතාව - කසුන් සුදසිංහ


බොරළු සහිත ධාවන පථවල පැවැති තරගාවලි වලදී දස්කම් දැක්වූවෝ :

■    ‘ජේ’ කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි (අවුරුදු 16 න් පහළ) ශූරතාව - විනුෂ්ක සිල්වා
■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ට්‍රීට් ට්‍රේල්) ශූරතාව - නදීර පෙරේරා
■    ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ට්‍රීට් ට්‍රේල්) ශූරතාව - ළහිරු ජීවන්ත
■    ‘එස්-එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ශූරතාව - ඉමාල් මංචනායක
■    ‘එම්-එක්ස්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව - බුද්ධික කසුන් සිල්වා


ජාත්‍යන්තර තරගාවලි වලදී දස්කම් දැක්වූවෝ :

■    ඒරන් ගුණවර්ධන, ජේඞ්න් ගුණවර්ධන, ඉෂාන් දසනායක, ගයාන් සඳරුවන් සහ දිලිත කල්හාර

 

ඡායාරූප - ශානුක අරවින්ද

බුද්ධික කසුන් සිල්වා

ඉෂාන් දසනායක

ළහිරු ජීවන්ත

සංගීත් සූරියගේ

උදාන පෙරේරා

හංසිකා අබේසිංහ

 

 


අදහස් (0)

ශොයෙල් ඩැනියෙල් ද්විත්ව සම්මාන දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.