Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශොයෙල් දෙවැනි මෝටර් ජී. පී. ජයත් ලබයි

ශොයෙල් දෙවැනි මෝටර් ජී. පී. ජයත් ලබයි

Nisanka Sandeepani - 2017 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ ප්‍රධානතම යතුරුපැදි ඉසව්ව වූ මෝටර් ජී. පී. යතුරුපැදි ඉසව්වේ ජය පිට පිටම දෙවැනි වරටත් තමන් සතුකර ගැනීමට ශොයෙල් ඩැනියෙල් සමත් විය. ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය 10 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණ. 

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය 10 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය පසුගිය සෙනසුරාදා (14) කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණ. 

අධි බලැති යතුරුපැදි (සිලින්ඩර ධාරිතාව 250 සිට 1000 දක්වා) උපයෝගි කරගනිමින් දිවයිනේ ප්‍රධාන පෙළේ යතුරුපැදිකරුවන් 11 දෙනෙක් සහභාගි වූ මෝටර් ජී. පී. යතුරුපැදි ඉසව්ව වට 22 කින් සමන්විත විය. 

එම ඉසව්ව ආරම්භයේදීම පෙරමුණට පැමිණි ප්‍රවීණ ක්‍රීඩක මධුරංග කල්දේරා වට 9 ක් නිමා වන තෙක්ම පෙරමුණ තමන් සතුව රඳවා ගැනීමට සමත් වූ අතර එම වට 9 පුරා ප්‍රමුඛ සේසත් සහ ශොයෙල් ඩැනියෙල් ඔහු පසුපස හඹා ගියහ. කෙසේ වුවත් 10 වැනි වටයේදී තරගයේ වෙනසක් කරමින් එතෙක් දෙවැනි ස්ථානයේ ගමන් කළ ප්‍රමුඛ සේසත්, මධුරංග කල්දේරා පසුකර යමින් තරගයේ පෙරමුණ ගත්තේය. 

තරගයේ 10 වැනි වටයේදී දෙවැනි ස්ථානය දක්වා ඇද වැටුණ මධුරංගට එම ස්ථානයේ ගමන් කළ හැකි වූයේ තවත් වට 5 ක් නිමා වන තුරු පමණි. ආරම්භයේ සිටම තෙවැනි ස්ථානයේ ගමන් කළ ශොයෙල් ඩැනියෙල්, 15 වැනි වටයේදී මධුරංග තෙවැනි ස්ථානයට ඇද දමමින් තරගයේ දෙවැනි ස්ථනය හිමිකර ගත්තේය. 

එතැන් සිට තරගයේ පළමු ස්ථානයේ ගමන් කළ ප්‍රමුඛ සහ දෙවැනි ස්ථානයේ ගමන් කළ ශොයෙල් අතර කරට කර සටනක් දැකගත හැකි විය. ප්‍රමුඛ පසුකර යමින් තරගයේ පෙරමුණ ලබාගැනීම සඳහා වට 4 ක් පුරා කළ උත්සාහය තරගය නිමා කිරීමට වට 3 ක් ඉතිරිව තිබියදී (19 වැනි වටයේදී) සාර්ථක කරගත් ශොයෙල්, පිට පිටම දෙවැනි වටරත් මෝටර් ජී. පී. යතුරුපැදි ඉසව්ව ජයගනිමින් වාර්තා අතරට එක් විය. ප්‍රමුඛ සහ මධුරංග පිළිවෙලින් දෙවැනියා සහ තෙවැනියා ලෙස එම ඉසව්ව සාර්ථකව නිමා කළහ. 

දශක හතරකට පමණ පසුව ඉකුත් වසරේදී (2016) පැවැති මෝටර් ජී. පී. යතුරුපැදි ඉසව්වේ ජයග්‍රහකයා වූ ශොයෙල්, වසරකට පසුව තවදුරටත් තමන්ගේ ආධිපත්‍යය රැකගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. මෙවර තරගය ජයගැනීම වෙනුවෙන් ඔහුට ත්‍යාගයක් වශයෙන් සිලින්ඩර් ධාරිතාව 200 ක් වූ ඩිමාර්ක් වර්ගයේ යතුරුපැදියක්ද පිරිනැමිණ. 

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපර් මොටාඞ් යතුරුපැදි ඉසව්වේ තෙවැනි ස්ථානයට පත්වූ සංගීත් සූරියගේ, එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය ජයගත්තේ සුරාජ් පෙරේරා, ශ්‍රීමාල් මලවිගේ සහ කසුන් ධනුෂ්ක වැනි එම ඉසව්වේ ප්‍රබල ක්‍රීඩකයන් පසුපසට ඇද දමමිනි. 

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළ අතර ගෝන් ප්‍රී මෝටර් රථ තරගයේ අනුග්‍රාහකයා ලෙස එඞ්වඞ් සහ ක්‍රිස්ටි සමාගමද, මෝටර් ජී.පී. යතුරුපැදි තරගයේ අනුග්‍රාහකයා ලෙස ඩිමාර්ක් සමාගමද කටයුතු කළේය. 

තරග ප්‍රථිඵල 
එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය 
1 උදාන පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125) 
2 මොහොමඞ් ශසාන් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125) 
3 කුෂාන් චමෝද් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125) 

ඕ. කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය 
1 හංසිකා අබේසිංහ (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 කුෂාන් චමෝද් (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 නිකිල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය 
1 දුෂාන් මුදලිගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250) 
2 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250) 
3 සංගීත් සූරියගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250) 

එම්. කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 සිට 250 දක්වා) යතුරුපැදි තරගය 
1 නිපුන් දිලංක (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 මධුර පීරිස් (හොණ්ඩා සී. බී. ආර්. 250) 
3 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250) 

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය 
1 සංගීත් සූරියගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450) 
2 උදික ශ්‍රීමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450) 
3 දුෂාන් මුදලිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450) 

ජී. පී. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 සිට 1000 දක්වා) මෝටර් ජී. පී. යතුරුපැදි තරගය 
1 ශොයෙල් ඩැනියෙල් (ඇප්‍රිලියා ආර්. එස්. වී. IV 1000)
2 ප්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. එස්. 1000 ආර්. ආර්.) 
3 මදුරංග කල්දේරා (යමහා ආර්. එම්. අයි. 1000)

ප්‍රමුඛ සේසත් 

සංගීත් සූරියගේ 

නිපුන් දිලංක

හංසිකා අබේරත්න 

උදාන පෙරේරා 

 

රොදර්හැම් ගෝන් ප්‍රී යතුරුපැදි තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශානුක අරවින්ද 


අදහස් (0)

ශොයෙල් දෙවැනි මෝටර් ජී. පී. ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.