Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ‍්‍රී ලංකා පිල ලකුණු 241 ක් ඉදිරියට එයි

ශ‍්‍රී ලංකා පිල ලකුණු 241 ක් ඉදිරියට එයි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 116*) සහ දිනේෂ් චන්දිමාල් (89) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 138 ක සම්බන්ධතාව නිසා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (03 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 420 ක් රැස්කරමින් පාකිස්තානයට වඩා ලකුණු 241 ක් ඉදිරියෙන් සිටීමට සමත් විය.

අද කී‍්‍රඩාව අවසන් වන විට ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 116*) සහ ප‍්‍රසන්න ජයවර්ධන (නොදැවී 48*) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.

නායකත්වයේ වගකීම නැවතත් තමන් වෙත ආරෝපණය කරගත් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 282 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් ඇතුළත්ව නොදැවී ලකුණු 116 රැස්කිරීමට සමත් විය. මෙය ඇන්ජලෝගේ ටෙස්ට් ඉනිමක ඉහළතම ලකුණු සංඛ්‍යාව වන අතර දෙවැනි ටෙස්ට් ශතකය ද වේ.

ඇන්ජලෝ මැතිව්ස් සම්පූර්ණ දිනයක්ම පන්දුට පහර දීම විශේෂයෙන් කැපී පෙනුණි.

මෙම ශතකයේ විශේෂත්වය වන්නේ දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වූ මෙම සංචාරයේ විස්සයි20 තරග දෙකකින්, එක්දින තරග පහකින් සහ ටෙස්ට් ඉනිමකින් පසුව ශ‍්‍රී ලංකා පිලෙන් වාර්තා වූ පළමු ශතකය මෙය වීමය. ඇන්ජලෝ පළමු ඉනිමේදී ද ලකුණු 91 ක් රැස් කළේය.

ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් නායක, උප නායක සංයෝගය පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පන්දු යවන්නන් වෙහෙසට පත්කිරීමට සමත් වූහ.

දිනේෂ් චන්දිමාල්, ජුනයිඞ් ඛාන්ගේ පන්දුවකට ගැසූ පුල් පහර ෆයින් ලෙග් කළාපයේ සිට රහට් අලී උඩ පන්දුවක් ලෙස රැුකගැනීම නිසා අගනා ඉනිම ලකුණු 89 කට සීමා විය. චන්දිමාල් මුහුණ දුන් පන්දු 166 යෙන් 12 ක් හතරේ සීමාව පසුකර හැරීමට සමත් විය. මෙය චන්දිමාල්ගේ 5 වැනි ටෙස්ට් අර්ධ ශතකයි.

පාකිස්තානු වේග පන්දු යවන්නන් හොද දෝලනයක් ලබා ගන්නා දිවා විවේකය දක්වා කාලයේ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් පීඩනයකින් තොරව පහර දෙමින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

සිවුවැනි දිනය වූ අද (03) පාකිස්තානු පන්දු යවන්නන්ට  ඕවර 84.3 කදී ලබාගත හැකි වූයේ එක කඩුල්ලක් පමණි.

තෙවැනි දිනය වූ ඊයේ (02) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට වන විට ශ‍්‍රී ලංකා පිල කඩුලූ 6 ක් අතැතිව ලකුණු 7 ක් පමණක් ඉදිරියෙන් පසු වූ අතර දිනේෂ් චන්දිමාල් නොදැවී 24 ක් ලබා සිටියේය.

හෙට (04) තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

ලකුණු පුවරුව


අදහස් (7)

ශ‍්‍රී ලංකා පිල ලකුණු 241 ක් ඉදිරියට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.