Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ‍්‍රී ලංකා - දකුණු කොරියානු ක‍්‍රීඩා ගිවිසුමක්

ශ‍්‍රී ලංකා - දකුණු කොරියානු ක‍්‍රීඩා ගිවිසුමක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ක‍්‍රීඩා සහයෝගිතා ගිවිසුමකට දකුණු කොරියාවේ අගනුවර වන සෝල්හි ජාතික කෞතුකාගාර මූලස්ථානයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූගමගේ සහ දකුණු කොරියානු සංස්කෘතික, ක‍්‍රීඩා සහ සංචාරක අමාත්‍ය කිම් ජොන්ඩග් යන මහත්වරු අද (01) අත්සන් තැබූහ.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ ආසියාවේ ක‍්‍රීඩාවේ ප‍්‍රබලයකු වන දකුණු කොරියාව සමග මෙවැනි ක‍්‍රීඩා ගිවිසුමකට එළඹි පළමු අවස්ථාව මෙය වේ.

මෙම සහයෝගීතා ගිවිසුමට අනුව දෙරට අතර ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ වැඩසටහන්, අත්දැකීම්, නිපුණතා, ශිල්පීය ක‍්‍රම, තොරතුරු, ලිපි ලේඛණ, ක‍්‍රීඩා කණ්ඩායම්, පුහුණුකරුවන් සහ නිලධාරීන් හුවමාරු කර ගැනීමට නියමිතය.

මෙහිදී ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන වශයෙන් 2017 වසරේ ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පාපන්දු, ටයිකොන්ඩෝ, පිහිනුම්, බැඞ්මින්ටන්, බොක්සිං සහ දුන්නෙන් විදීම යන ක‍්‍රීඩා සදහා විශේෂඥ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීම, ගුණත්වයෙන් ඉහළ ක‍්‍රීඩා භාණ්ඩ පහසු මිලට ලබා ගැනීම සහ ක‍්‍රීඩා මධ්‍යස්ථාන ඉදිකිරීමේදී විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

දකුණු කොරියාව එහි ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු කිරීම සදහා ශ‍්‍රී ලංකාවෙන් පුහුණුකරුවන් සහ තාක්‍ෂණය මෙම සහයෝගිතා ගිවිසුමෙන් ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙයි.

මෙම සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ 2017 යොවුන් ආසියානු ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් තෝරාගත් විශේෂ ක‍්‍රීඩා කීපයකට පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීම ප‍්‍රධාන ඉලක්කය බවයි.

”කොරියාව බොහෝ ක‍්‍රීඩාවලට දක්‍ෂයි. එහි දක්‍ෂ පුහුණුකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන යෑමත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට කොරියාවේ පුහුණුවීම් අවස්ථාව ලබාදීමත්, අපි රටක් හැටියට ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව අපේ ක‍්‍රිකට් පුහුණුකරුවන් කොරියාවට ලබාදීමත් මෙහි ප‍්‍රධානතම අරමුණයි”
”කොයිකා ආයතනය හරහා ක‍්‍රීඩා භාණ්ඩ ලබාදීමටත් අපිට කොරියාව පොරොන්දු වුණා. එහිදී කෙළින්ම ක‍්‍රීඩා භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන්ම ක‍්‍රීඩා අමාත්‍යංශයට ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ක‍්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේදී උපදේශකයන් ලබාදීමටත් එකග වුණා”

”මම මීට මාස තුනකට පමණ පෙර ජෝජුවා දුපත්හිදී තහනම් උත්තේජක සමුඵවකට සහභාගි වුණා. ඒ අවස්ථාවේදී මා මේ යෝජනාව කොරියානු තානාපති තිස්ස විජේරත්න මහතාට යොමු කළා. ඒ මහතා ඉතාමත් ඉක්මනින් කොරියානු රාජය සමග සාකච්ඡ කර මේ අවස්ථාව සළසාදීම පිළිබදව ස්තූති වන්ත වෙනවා” යැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම ගිවිසුමේ ආසන්නතම ප‍්‍රතිඵලය ලෙස එළඹෙන නොවැම්බර් මස පැවැත්වෙන ලෝක බොක්සිං තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන්නට කොරියානු ක‍්‍රීඩිකාවන් සමග පුහුණු තරගවලට සහභාගි වීමේ අවස්ථාව උදාවී තිබේ.  


ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූගමගේ සහ දකුණු කොරියානු සංස්කෘතික, ක‍්‍රීඩා සහ සංචාරක අමාත්‍ය කිම් ජොන්ඩග් මහත්වරු ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව.  

 


අදහස් (0)

ශ‍්‍රී ලංකා - දකුණු කොරියානු ක‍්‍රීඩා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.