Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂෙනාල්ගේ රථය හෙළකට පෙරැළෙයි

ෂෙනාල්ගේ රථය හෙළකට පෙරැළෙයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය අතරතුර ලබාල තරගකරුවකු වූ ෂෙනාල් ගුණවර්ධන පැදවූ ෆෝඞ් ලේසර් වර්ගයේ මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට විසිවී ගොස් හෙළකට වැටී දරුණු අනතුරකට ලක්විය.

කෙසේ වුවත් මෙම අනතුරින් මෝටර් රථයේ රියැදුර ෂෙනාල් ගුණවර්ධනට කිසිදු හානියක් නොවූ අතර මෝටර් රථයට දැඩි අලාභ හානී සිදුවිය. මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී ගියේ නරඹන්නන් නොසිටි ස්ථානයකින් නිසා ඉන් වෙනත් කිසිවකුටද හානියක් නොවීය.

අනතුර සිදුවී තරගයට පෙර පැවැති තරගයකදී තරගකරුවකුගේ මෝටර් රථයක හටගෙන ඇති කාර්මික දෝෂයක් නිසා ඉන් එහි එන්ජිමට යොදනු ලබන තෙල් කාන්දු වී තිබෙන බවත්, ධාවන පථයේ එම තෙල් සහිත කෙටසේ ගමන් කරන විට ෂෙනාල් ගුණවර්ධනට සිය මෝටර් රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් එය ධාවන පථයෙන් ඉවතට විසිවී තිබෙන බවත් අතුරෙන් පසුව දැනගන්නට ලැබිණ.

මෙම අනතුර සම්බන්ධයෙන් ෂෙනාල් ගුණවර්ධනගේ පියා වූ සුසන්ත ගුණවර්ධන තරගාවලිය සංවිධානය කළ කී‍්‍රඩා සමාජය වූ ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සමාජයේ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ අයුරු දැකගත හැකි විය.

ධාවන පථයේ තෙල් කාන්දු වී ඇති බවට එම ප‍්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු වල නිරතව සිටි කෝනර් මාර්ෂල් වරයා සංඥා කළේ නම් (කහ පැහැ කොඩිය යොදා ගනිමින්) මෙවැනි අනතුරක් සිදු වීමෙන් වලක්වාගැනීමට ඉඩකඩ තිබූ බවයි.

අනතුර සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සමාජයේ නිලධාරියකු පවසා සිටියේ එවැනි අනතුරුදායක තත්ත්වයක් එම ප‍්‍රදේශයේ නොතිබූ බවත්, තරගාවලිය පුරාම අනතුරු ඇතිවීම වලක්වාගැනීම සඳහා තම කී‍්‍රඩා සමාජය අවශ්‍ය සියලූ විධිවිධාන යොදා තිබූ බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ අනතුර සිදුවූ අවස්ථාවේදී සුසන්ත ගුණවර්ධන හැසිරුණ අකාරය සම්බන්ධයෙන් තම කී‍්‍රඩා සමාජය ඉතා කණගාටුවට පත්වන බවත්, ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහුට විරුද්ධව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානමින් සිටින බවත්ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

ෂෙනාල්ගේ රථය හෙළකට පෙරැළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.