Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි

සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සිය වසර 20 ක පළමු පෙළ ක්‍රිකට් දිවියේ අවසන් තරගයේදීත් ශතයක් ලබාගත් 39 හැවිරිදි කුමාර් සංගක්කාර, පළමු පෙළ ක්‍රිකට් පිටියට සමුදුන්නේ එම තරගයෙන් සරේ කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යමිනි.


ක්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 134 කට ක්‍රීඩා කර තිබූ සංගක්කාරගේ පළමු පෙළ තරග සංඛ්‍යාව 259 කි. මෙම තරග 259 දී ඔහු විසින් ලබාගන්නා ලද ලකුණු සංඛ්‍යාව 20,862 කි. ඊට ශතක 64 ක් සහ අර්ධ ශතක 86 ක් ඇතුළත් වී තිබිණ.

මේ වන විට ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින සංගක්කාර, තමාගේ අවසන් පළමු පෙළ තරගාවලිය මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය බවද, මෙම තරගාවලියෙන් පසුව තමා පළමු පෙළ තරග වලින් සමුගන්නා බවද කල්තියාම පවසා තිබිණ.

සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ඔහු සමර්සේට් ප්‍රාන්තයට එරෙහිව ඊයේ (22 වැනිදා) අවසන් පළමු පෙළ තරගයට ක්‍රීඩා කළේය. එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 157 ක් රැස්කරමින් සරේ ප්‍රාන්ත කණ්ඩායම ලකුණු 433 ක් දක්වා කැඳවාගෙන ගිය සංගක්කාර, දෙවැනි ඉනිමේදී ලකුණු 35 කට දැවී ගියේ මාක් බේස්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමිනි. එසේ වුවත් සරේ ප්‍රාන්ත පිල ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 142 ක ඉලක්කය කඩුලු 6 ක් දැවී සම්පූර්ණ කළේය.

වසර 3 ක කාලයක් සඳහා සරේ ප්‍රාන්ත කණ්ඩායමට එක්ව සිටි සංගක්කාරගේ ගිවිසුම් කාලයක මෙම තරගාවලියත් සමගම නිමාවට පත්වූ අතර තමාගේ සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක්ද තබා තිබිණ.

“මගේ අවසන් තරගයෙන් පසු මට සුබපැතූ සියලු දෙනාටම ස්තූතියි. අති විශේෂ ක්‍රීඩා සමාජයේ ආශ්වාදනීය වසර 3 ක් ගතකළා.” යනුවෙන් එහි සටහන් වී තිබිණ.


- 036

 


අදහස් (1)

සංගක්කාරගේ සරේ සංදර්ශනය සමාප්තයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.