Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (20 වැනිදා) ඩුබායිහිදී පැවැති එක්දින තරගයේදී ලකුණු 29 ක් ලබාගැනීමත් සමගම ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර එක්දින ලකුණු 12,000 කඩයිම පසුකර ගියේය. එය සංගක්කාරගේ 359 වැනි එක්දින තරගයයි.
වසර 42 ක ඉතිහාසයක් හිමි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග අතරේ ලකුණු 12,000 පසුකර ගොස් ඇත්තේ පිතිකරුවන් සිවු දෙනකු පමණක් වන අතර ඔවුන් අතුරින් දෙදෙනෙක් ශී‍්‍ර ලාංකිකයෝ වෙති.
ඊයේ තරගයේදී පන්දු 54 කින් සිය 82 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් සංගක්කාර දිනේෂ් චන්දිමාල් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 ක් එක්කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයේ පදනම දැමීය.
එක්දින තරග 463 කට කී‍්‍රඩා කර ඇති සචින් තෙන්ඩුල්කාර් මෙම ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින අතර ඔහුගේ ලකුණු සංඛ්‍යාව 18,426 කි. රිකී පොන්ටිං (තරග 375 කදී ලකුණු 13,704) සහ සනත් ජයසූරිය (තරග 445 කදී ලකුණු 13,430) එක්දින ලකුණු ලබාගැනීම අනුව සංගක්කාරට වඩා ඉදිරියෙන් සිටින පිතිකරුවෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.