Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබාගැනීමට අද (21 වැනිදා) සමත් විය.
සිය අවසන් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින සංගක්කාර, සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව මේ දින වලදී පැවැත්වෙන සිවුදින තරගයේදී ලකුණු 157 ක් රැස්කළේය. සංගක්කාරගේ පන්දු 238 ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 20 කින් අලංකාර වී තිබිණ.
ඔලී පොප් (50) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර ඉන් නොනැවතී රිකි ක්ලාක් (50) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සරේ ප්‍රාන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 269 ක් ලබාගත් අතර සංගක්කාරගේ ශතකය නිසා ඊට පිළිතුරු වශයෙන් සරේ ප්‍රාන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලකුණු 433 ක් ලබාගැනීමට හැකි විය.
මේ වන විට 39 වැනි වියේ පසුවන සංගක්කාර, මෙවර ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කළ 13 වැනි ඉනිම මෙයයි. ඉන් 8 කදී ශතක ලබාගැනීමට ඔහු සමත් වී තිබේ. මේ දක්වා තරගාවලියේ වැඩිම ශතක ලභියා බවට පත්ව සිටින සංගක්කාර තරග 9 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1407 කි.
2017 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සංගක්කාරගේ ශතක ලබාගැනීම්
114 සහ 120 - මිඞ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව
164 සහ 180 - යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහිව
136 - ලැන්කෂයර් ප්‍රාන්තයට එරෙහිව
105 - වොවික්ෂයර් ප්‍රාන්තයට එරෙහිව
200 - එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව
157 - සමර්සෙට් ප්‍රාන්තයට එරෙහිව
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.