Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
රුසියාවේදී පැවැති ලෝක සන්නද්ධ සේවා බොක්සිං ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ සංජීව නුවන් කුමාර සහ ගුවන් හමුදාවේ ගයනි නිසංසලා සමත් වූහ.
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය යටතේ තරග වැදුණ සංජීවට එහි අවසන් පූර්ව වටයේදී බ්‍රසීලයේ ලියන්ඩසෝ කොන්සෙයිකාඕ හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය.
විසිනම වැනි වියේ පසුවන සංජීව, ශ්‍රී ලංකාවේ ප්‍රධානම බොක්සිං තරගාවලි 3 වන ලේටන් කුසලාන, ක්ලිෆර්ඞ් කුසලාන සහ ජාතික බොක්සිං තරගාවලින්හිම දක්ෂතම ක්‍රීඩකයා බවට පත්ව ඇත.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය යටතේ තරග වැදුණ ගයනිට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවූයේ එහි අවසන් පූර්ව වටයේදී බෙලරුසයේ වික්ටෝරියා කෙබිකාවා හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය යටතේ තරග වැදුණ යුද හමුදාවේ ඉෂාන් බණ්ඩාරද එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් විය. ඔවුන් තිදෙනාට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වූ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මූලික වටයෙන්ම පරාජයට පත්වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.