Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සකිබ්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

සකිබ්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව ඩකාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයටත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ගෙන් ගිළිහී ගොස් තිබේ. සකිබ් අල් හසන් වෙනුවට පිතිකරු ශබීර් රහමන් දෙවැනි ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ සංචිතයට කැඳවනු ලැබ ඇත. සකිබ් නොමැති බැවින් මහමදුල්ලා රියාද් විසින් කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇත.

මෙම තරගය බ්‍රහස්පතින්දා (8 වැනිදා) බංග්ලාදේශයේ අගනුවර වන ඩකාහි ශ්රී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

රොකට් කුසලාන වෙනුවෙන් පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් මහ තරගයේදී පන්දු රකිමින් සිටි සකිබ් අල් හසන් බිම වැටීමෙන් ඔහුගේ අඟිල්ලක් තුවාල කරගත්තේය. ඒ හේතුවෙන් චිතගොංහිදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් සකිබ් අල් හසන්ගෙන් ගිළිහී ගියේය.

සකිබ් අල් හසන් වෙනුවට පැමිණි ශබීර් රහමන් ටෙස්ට් තරග 10 කදී ලකුණු 480 ක් රැස්කර සිටින ක්‍රීඩකයෙකි. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 26.66 කි එහෙත් එක්දින තරගාවලියේදී ලකුණු අතර නොසිටීම හේතුවෙන් ශබීර්ට පළමු ටෙස්ට් තරගයේදී ස්ථානය අහිමි විය.

“ඩකා තණතීරුව චිතගොං වගේ නෙමෙයි. ඊට හාත්පසින්ම වෙනස්. ඒ නිසා අපි තවත් පිතිකරුවෙක් කණ්ඩායමට එක්කළා” යයි බංග්ලාදේශයේ තේරීම් කමිටු ප්‍රධානී මින්හාජුල් ආබ්දීන් මහතා පැවසීය.

කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගය සඳහා සංචිතයේ සිටි වමත් දඟ පන්දු යවන්නා වන සුන්සමුල් ඉස්ලාම් සහ වේග පන්දු යවන රුබෙල් හොසේන් ඉවත් කර තිබේ. ප්‍රවීන දඟ පන්දු යවන්කු වන අබ්දුර් රසාක් සහ තවමත් ටෙස්ට් වරම් නොලද නයීම් හසන් තවමත් සංචිතයේ සිටිති.

පළමු ටෙස්ට් තරගයේදී ඕවර 45 ක් යැවූ සුන්සමුල් ඉස්ලාම් ඕවර 45 ක් යවමින් ලකුණු 153 ක් ලබාගත් නමුත් ඔහුට දවාගත හැකිවූයේ කඩුල්ලක් පමණි.


බංග්ලාදේශ සංචිතය
මහමදුල්ලා රියාද් (නායක), ටමීම් ඉක්බාල්, ලිටන් දාස් (කඩුලු රකින්නා), මුෂ්ෆිකුර් රහීම්, මොමිනුල් හක්, ඉම්රුල් කේයිස්, මොසඩක් හොසේන්, තයිජුල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රෙහ්මාන්, මෙහෙදි හසන්, කම්රුල් ඉස්ලාම්, ශබීර් රහමන්, අබ්දුර් රසාක්, නයීම් හසන් සහ තන්බීර් හයිදර්

 


අදහස් (0)

සකිබ්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.