Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරු මාවන් අතපත්තු මහතා පැවසුවේ සිවුවැනි සහ පස්වැනි තරගවලට නම් කළ සංචිතය මෙම තරගයෙන් අවසන් වන බවත් ඉදිරි තරග දෙකට සචිත‍්‍ර ක‍්‍රීඩා කිරීම පිළිබදව තේරීම් කමිටුවත් සමග සාකාච්ඡා කර කළයුතු බවයි.
පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි යැයි තහනමකට ලක්ව සිටි ශ‍්‍රී ලංකා පිට දග පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ තහනම ඉවත් කළ බවත් ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවිය හැකි බවටත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඊයේ (09) පෙරවරුවේ නිවේදනය කළේය.
”සචිත‍්‍ර ක‍්‍රීඩා කරවීම ඉතාමත් පරිස්සෙමෙන් කළ යුතු දෙයක්, ඒ තීරණය තේරීම් කමිටුව ගතයුතුයි”
”සචිත‍්‍ර සුපුරුදු දස්කම්වල සිටිනවාද යන්න දැම්ම තීරණය කිරීම අමාරුයි.
කණ්ඩායමට සේවය ලබා ගැනීම අපි ඔහුව සූදානම් කළයුතුයි. ඔහු පසුගිය කාලේ අන්තර් සමාජ සහ වෙළෙද සේවා තරගවලට සහභාගි වුණා. නමුත් ජාත්‍යන්තර තරගවලදී ඒ පිළිබදව බැලිය යුතුයි. සචිත‍්‍ර කියන්නේ ඉතාමත් ශක්තිමත් වගේම ධෛර්යවන්ත ක‍්‍රීඩකයෙක්, අපි බලාපොරොත්තු වෙනවා ඔහු දස්කම් අතර සිටියි කියලා” යයි මාවන් අතපත්තු ඊයේ පල්ලෙකැළේදී පැවසීය.
එංගලන්තයේ ඉදිරි පෙළ පිතිකරු ජෝ රූට් පැවසුවේ සචිත‍්‍ර සේනානායක අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ දක්‍ෂ ක‍්‍රීඩකයකු බවත් ඔහුට හොදින් ක‍්‍රීඩා කිරීමට සූදානම් බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.