Last Update  :  2024-11-16 21:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සත්කාරකයෝ මුල් ඉනිමේ වාසිය ගනිති
‘ඒ’ පිලේ පාකිස්තානු සංචාරය

සත්කාරකයෝ මුල් ඉනිමේ වාසිය ගනිති

editorial - 2024 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

විශ්ව ප්‍රනාන්දු (44/4), ඉසිත විජේසුන්දර (49/2) සහ නිසල තාරක (57/2) තිදෙනා කඩුලු 8 ක් බෙදාගත් නමුත් රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී පාකිස්තානු ශහීන්ස් (ඒ කණ්ඩායම) ලකුණු 143 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්තේය. තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 77 ක් ලබා සිටියේය.  

පාකිස්තානු ශහීන්ස්ලාගේ ඉදිරිපෙළ පිතිකරුවන් පස් දෙනාගෙන් තිදෙනෙක්ම අර්ධ ශතක ලබාගත්හ. හුසේන් තලාත් (56), රොහේල් නසීර් (55) සහ අලී සර්යබ් (55) තිදෙනාම සැබෑ ටෙස්ට් පිතිකරුවන් ලෙසින් පිතිහරඹයේ යෙදුණහ. තිදෙනාම ගැසූයේ හතරේ පහර 5 ක් බැගිනි. එහෙත් ලකුණු 166 ක් වෙනුවෙන් තිදෙනා එක්ව මුහුණ දුන් පන්දු සංඛ්‍යාව 309 ක් විය. 

පාකිස්තානු ‘ඒ’ පිලේ කඩුලු 5 ක් ලකුණු 132 කට බිම දවාගැනීමට විශ්ව ප්‍රනාන්දු සහ සගයින් සමත්වූ නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හුසේන් තලාත් සහ රොහේල් නසීර් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. 


ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 115 යි
(සොනාල් දිනූෂ 30, පසිඳු සූරියබණ්ඩාර 28, විශාද් රන්දික 18, ඉසිත විජේසුන්දර 13, කශීෆ් අලී 31/5, කුරාම් ශෙෂාඩ් 32/4)

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 258 යි
( අබ්දුල් ෆෂී 26, අලී සර්යබ් 55, මොහොමඩ් සුලෙයිමාන් 24, හුසේන් තලාත් 56, රොහේල් නසීර් 55, විශ්ව ප්‍රනාන්දු 44/4, ඉසිත විජේසුන්දර 49/2, නිසල තාරක 57/2)

ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම කඩුලු 1 ට 77 යි
(නිපුන් ධනංජය නොදැවී 23, අහන් වික්‍රමසිංහ නොදැවී 48)


අදහස් (0)

සත්කාරකයෝ මුල් ඉනිමේ වාසිය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.