Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලබන ඉරිදා (8 වැනිදා) ආරම්භ වන සීමිත ඕවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම 25 හැවිරිදි සත්‍යා සංදීපනීට පවරා තිබේ.
සත්‍යා, තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙසින් කණ්ඩායමට එක්වන නමුත් තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙසින් ස්ථාපිත වීමට තරම් දෙයක් ඇය තවමත් කර නැත. ඇයගේ බංග්ලාදේශ කාන්තා ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය ඇයට ඒ සඳහා අවස්ථාවක් කරගත හැකිය.
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි සත්‍යා, තරමක් වේගයෙන් පන්දුවට පහරදීමේ හැකියාවෙන් යුත් මැද පෙළ පිතිකාරිණියකි. දකුණතින් වේග පන්දු යවන ඇය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ එකම විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී පමණි. ඒ 2020 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් නුවරදී පැවැති තරගයකදීය.
පාසල් වියේදීම සීනිගම කාන්තා කණ්ඩායම නියෝජනය කළ සත්‍යා පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූවාය.
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර එක්දින තරගාවලිය 8 වැනිදා (ඉරිදා) සහ 10 වැනිදා පැවැත්වෙයි.
දෙපිල අතර විස්සයි-20 අන්තර්ජාතික තරගාවලිය 12 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම
සත්‍යා සංදීපනී (නායිකාව), මල්ෂා ෂෙහානි (උප නායිකාව), කෞෂිණී නෘත්‍යාංගනා, පියුමි වත්සලා, නිලක්ෂනා සඳමිණි, ඉමෙෂා දුලානි, නෙත්මි සේනාරත්න, මල්කි මදාරා, දෙව්මි විහංඟා, නිමාෂා මධුෂානි, චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, තාරිකා සෙව්වන්දි, අමාදි විජේසිංහ සහ සඳලි වීරසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.