Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නායකත්වයේ බර කරට ගත් සධීර සමරවික්‍රම (නොදැවී 129) කළ විශිෂ්ට පිතිහරඹය නිසා ඩුබායිහිදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයගත්තේය. ඇෆ්ඝනිස්ථානු ඒ පිලට එරෙහිව අඟහරුවාදා (15 වැනිදා) පැවැති මෙම තරගයේදී ඕවර 41.3 කින් කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 249 ක් ලබාගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 6 කින් ජයගත්තේය.
දෙවැනි ඕවරය නිමාවීමත් සමගින් ලකුණු 02 කට කඩුලු දෙකක්ම දැවී ගිය නමුත් ආරම්භක පිතිකරු ළහිරු උදාර (81) සමගින් එක්වූ නායකයා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් 26 වැනි ඕවරය වන විට ලකුණු 165 ක් ශ්‍රී ලංකා පිලට එකතු කළේය. ළහිරු උදාර දැවී යාමෙන් පසු සහන් ආරච්චිගේ සමගින් එක්වූ සධීර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක් එක් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආවේය.
පන්දු 110 කට මුහුණ දුන් සධීර, ඒවායින් 16 ක්ම හතරේ සීමාවෙන් එපිටට යැවූයේ තවත් දෙකක් ලණුවට ඉහළින් යවමිනි. පන්දු 83 කින් පැමිණි ළහිරු උදාරගේ ලකුණු 81 හතරේ පහර 12 කින් සමන්විත විය.
ළහිරු දැවී ගියත් සධීර තම ආක්‍රමණශීලී පිතිහරඹය දිගටම කරගෙන යද්දී සහන් ආරච්චිගේ අනෙක් අන්තයෙන් සිය කඩුල්ල රැකගත්තේ ඇෆ්ඝනිස්ථානු පන්දු යවන්නන්ට තවත් අවස්ථාවක් නොදෙමිනි. 39 වැනි ඕවරයේදී සහන් දැවී යන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් ජයග්‍රහණයත් අතර තිබුණේ ලකුණු 12 ක පරතරයක් පමණි. තම කණ්ඩායම ජයටැඹ පසුකර යන තුරුම සධීර නොදැවී පිටියේ සිටියේය.
ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ නායක ඩාර්විශ් රසූලි ද තම කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් ලබාගත් නමුත් ඔහුගේ ශතකය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. කෙසේ වෙතත් මෙම සංචාරයේදී වැඩි දෙනාගේ අවධානය යොමුව ඇති වමත් වේග පන්දු යවන්නා වන ඩිල්ෂාන් මධුශංක ලකුණු 37 කට කඩුලු 4 ක් දවාගත්තේ තමන් තවමත් කඩුලු අතර සිටින බව තහවුරු කරමිනි. ඩිල්ෂාන් පසුගිය මාස කිහිපයේදී තරමක් අසාර්ථක පන්දු යවන්නකු වී සිටියේය.
පසුගිය 13 වැනිදා අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 45 ක ජයක් අත්කර ගත්තේය.
ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 248 යි
(ඩාර්විශ් රසූලි 155, ඉක්රම් අලිකිල් 32, ඉජාස් අහමඩ් 35, ඩිල්ෂාන් මධුශංක 37/4, මොහොමඩ් ශිරාස් 43/2)
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - ඕවර 41.3 කදී කඩුලු 4 ට 249 යි
(ළහිරු උදාර 81, සධීර සමරවික්‍රම නොදැවී 129, සහන් ආරච්චිගේ 23, කලීල් අහමඩ් 51/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.