Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හෙන්රික් ක්ලාසන් (50) සහ ට්‍රැවිස් හෙඩ් (34) දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹයට ස්තුති කරමින් ඊයේ (24 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 36 කින් පරාජය කළ සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ඉරිදා (26 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් තරග වැදීමට සූදානමින් සිටිති.
අද පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් රාජස්තාන් නායක සංජු සැම්සන් පළමුව පන්දු යැවීම තෝරාගත් නමුත් සන්රයිසස් ක්‍රීඩකයෝ ලකුණු 175 ක් ලබාගත්හ. රාජස්ථාන් පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 139 කි.
තම සහායක පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දීත්, වමත්කාර ඕස්ටේ්රලියානුවා වන ට්‍රැවිස් හෙඩ්, සන්රයිසස් පිල වෙනුවෙන් පන්දු 28 කින් ලකුණු 34 ක් ලබාගත්තේ කඩුල්ල රැකගැනීමේ අභියෝගයටත් මුහුණ දෙමිනි. ආරම්භක පිතිකරුවකු වශයෙන් තරගාවලිය පුරාම 192.20 ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගෙන ගිය නමුත් අද තරගයේදී ඕවර 10 ක් කඩුල්ල රැකගත් හෙඩ්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 3 ක් සහ හයේ පහරක් පමණි. හෙඩ් දැවී යාමෙන් පසු පාලනය අතට ගත් හෙන්රික් ක්ලාසන් පන්දු 34 කින් ලබාගත් අර්ධ ශතකය හයේ පහර 4 කින් සමන්විත විය.
අවසන් ඕවර 10 දී කඩුලු 5 ක් දවාගැනීමට රාජස්තාන් පන්දු යවන්නන් සමත් වූයෙන් ලකුණු වේගය තරමක් අඩාල වූවද සන්රයිසස් ක්‍රීඩකයෝ අවශ්‍ය සීමාවට පැමිණ සිටියහ.
තරමක මන්දගාමී ආරම්භයක් වූවත් ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවේදී රාජස්තාන් ක්‍රීඩකයෝ ලකුණු 51 ක් ලබා ගත්තේ යයස්වී ජයිස්වාල් 6 වැනි ඕවරයෙන් ලකුණු 19 ක් ම උදුරාගත් හෙයිනි. එහෙත් පන්දු 4 ක් ඇතුළතදී ජයස්වාල් සහ සංජු සැම්සන් දෙදෙනාවම පිටියෙන් ඉවත් කරගත් සන්රයිසස් පන්දු යවන්නෝ ගිරය තද කළහ.
12 වැනි ඕවරයේදී රාජස්තාන් පිලේ සුපිරි අතිරේක ක්‍රීඩකයා ලෙසින් යුෂ්වේන්ද්‍ර චාහල් වෙනුවට ෂිම්රන් හෙට්මයර් කණ්ඩායමට එක්වූ නමුත් හෙට්මයර්ට ලබාගත හැකිවූයේ ලකුණු 4 කි. පසුපෙළ පිතිකරුවන් කොතෙක් උත්සාහ කළද ගමන අසීරු විය.
සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 9 ට 175 යි
(ට්‍රැවිස් හෙඩ් 34, අභිෂේක් ෂර්මා 12, රාහුල් ත්‍රිපාටි 37, හෙන්රික් ක්ලාසන් 50, ෂබාස් අහමඩ් 18, ටේරන්ට් බෝල්ට් 45/3, සන්දීප් ෂර්මා 25/2, අවේශ් ඛාන් 27/3)
රාජස්තාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 7 ට 139 යි
(යයස්වී ජයිස්වාල් 42, ටොම් කෝලර් කැඩ්මෝ 10, සංජු සැම්සන් 10, ධූර්වි ජූරල් නොදැවී 56, ෂබාස් අහමඩ් 23/3, අභිෂේක් ෂර්මා 24/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.