Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික තරුණසේවා සභාව 29 වැනි වරටත් සංවිධානය කළ ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය අද (17) අනුරාධපුරයේ දී පැවැත්විණි. මේ සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 26 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 කට අධික පිරිසක් සහභාගී වූහ.
කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඩී.ජී.ඕ. සඳරුවන් විසින් පිරිමි තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදි. එම තරගයේ කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ පී.ඕ. නිලානි ප්‍රියදර්ශන ක්‍රීඩිකාවට හිමිවිය.
මැරතන් තරගය අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී මිහින්තලේ මාර්ගය ඔස්සේ ගල්කුලම දක්වා ගමන් කර නැවත මහජන ක්‍රීඩාංගනයෙන් අවසන් විය. පිරිමි තරගයේ දුර කිලෝමීටර් 42 ක් වූ අතර කාන්තා තරගයේ දුර කිලෝමීටර් 21 කි.
පිරිමි තරගයේ ප්‍රතිඵල
1. ඩී.ජී.ඕ. සඳරුවන් (කලුතර) - පැ 2:37.08
2. එස්.එම්.ජේ. රත්නකුමාර (මොණරාගල) - 2:42.22
3. කේ.එම්.ජේ.පී. විජේරත්න (අනුරාධපුරය) - 2:46.08
4. ඊ.ඒ.යූ.චානක (බදුල්ල) - 2:51.17
5. එම්.ගෞරිනාතන් (වවුනියාව) - 2:52.24
6. එම්.එච්.එස්.දනුෂ්ක (රත්නපුර) - 2:58.22
7. එම්.ජී.සී.ජයරත්න (කලුතර) - 3:03.48
8. කින්තුෂාන් (වවුනියාව) - 3:05.02
9. පී.විශ්ව තරංග (මාතර) - 3:07.08
10. ඩී.කේ.ජී.එම්.පී.කේ. රූපසිංහ (නුවරඑළිය) - 3:08.55
කාන්තා තරගයේ ප්‍රතිඵල
1. පී.ඕ. නිලානි ප්‍රියදර්ශනී (කෑගල්ල) - 1:29.45
2. එම්.ජී.බුද්ධිකා (ගම්පහ) - 1:29.57
3. ඒ.එස්.නිසංසලා බණ්ඩාර (කෑගල්ල) - 1:34.38
4. ඒ.කේ.ඕ.ශාලිකා අත්තනගොඩ (අනුරාධපුරය) - 1:35.26
5. ඩබ්.එම්. නිමේෂා නිදර්ශනී (මොණරාගල) - 1:36.03
6. ඩබ්.පී. ඉසුරිකා මධුවන්ති (බදුල්ල) - 1:39.41
7. වී.ඒ.සමන්ද සඳතාරක (හම්බන්තොට) - 1:40.21
8. ඩබ්.ජේ.ඒ.එස්.යූ. ජයතුංග (අනුරාධපුරය) - 1:41.24
9. ජේ.ඒ. අසංකි ලංකා වාසනා (කලුතර) - 1:47.23
10. ප්‍රියංගනී සිරිසේන (අනුරාධපුරය) - 1:48.26
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.