Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව පවත්වාගෙන ගිය සාර්ථක පිතිහරඹය නතර කළ තැනින් නැවතත් ඇරඹූ කෞෂාල් සිල්වාගේ (125) ශතකයත් කුමාර් සංගක්කාරගේ (107) පිතිහරඹයත් නිසා සංවර්ධන සංචිත කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වූ පළමු පෙළ තරගයේ මුල් දිනය නිමා වන විට තරගය සඳහා සවිමත් පදනමක් දමාගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල කඩුලූ 4ක් දැවී ලකුණු 352 ක් ලබා ගත්තේය.
පළමු කඩුල්ල ලකුණු 28 දී බිඳ වැටුණ නමුත් එතැන් සිට පසුපස නොබැලූ කෞෂාල් සිල්වා සහ සංගක්කාර දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 195 ක සම්බන්ධතාවක් ගොඩන`ගමින් සංවර්ධන සංචිත පිලේ පන්දු යවන්නන් හෙම්බත් කළහ.
හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සහිතව පන්දු 128 කදී ලකුණු 107 ක් ලබාගත් සංගක්කාර මලින්ද පුෂ්පකු-මාරගේ පන්දුවකින් දැවී ගිය නමුත් කෞෂාල් සිල්වා සුපුරුදු පිතිහරඹය දිගටම කරගෙන ගියේය. පන්දු 184 කට මුහුණ දුන් මෙම හුරුබුහුටි දකුණත් පිතිකරුවා පළමු පෙළ ඉනිම හතරකදී ලබාගත් තුන්වැනි ශතකය මෙයයි. ඔහුගේ ඉනිම හතරේ පහර 14 කින් සමන්විත විය.
නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැති නිල නොවන ටෙස්ට් තරග දෙකේදී ශතක දෙකක් ලබාගැනීමට කෞෂාල් සමත් වූ නමුත් ඔහු එක්දින තරගාවලියේදී කී‍්‍රඩා නොකළේය.
කුමාර් සංගක්කාර දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මහේල ජයවර්ධන ලකුණු 54 ක් ලබාගත්තේ හයේ පහර දෙකකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කරමිනි.
ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයේ සිට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිලට එක්වූ දිමුත් කරුණාරත්න ලකුණු 20 කට දවාගැනීමට සමත් වූ ශමින්ද එරංග කඩුලූ දෙකක් දවාගත්තේය.
ඡයාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.