Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සභාපතිගේ පිල ඉනිමකින් ජය ගනී

සභාපතිගේ පිල ඉනිමකින් ජය ගනී

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා සංවර්ධන සංචිත කණ්ඩායම අමාරුවේ දැමූ සචිත‍්‍ර සේනානායකගේ (65/4) පන්දු යැවීම නිසා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති පළමු පෙළ තරගයේදී ඉනිමක සහ ලකුණු 108 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම සමත් විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 276 ක ඉලක්කයක් කරා ගිය සංවර්ධන සංචිත කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 168 කි. සංවර්ධන සංචිත පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ සචිත‍්‍ර සේරසිංහ පමණක් ලකුණු 62 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවෝ සියලූ දෙනාම අසාර්ථක වූහ. පන්දු 86 කට මුහුණ දුන් සේරසිංහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසීය.

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ සවස තරගය නවතන විට සිය මුල් ඉනිම සඳහා කඩුලූ 9 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටි සංවර්ධන සංචිත පිලේ අවසන් පිතිකරුවාත් අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකිනක් අද උදෑසනම දැවී ගියේය.

පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දුන් සංවර්ධන සංචිත පිතිකරුවන්ට සිතාගැනීමටවත් කාලයක් නොතබා නව පන්දුව අතට ගත් සචිත‍්‍ර සේනානායක සිවුවැනි පන්දුවේදීම ෂෙහාන් ජයසූරිය පිටියෙන් ඉවත් කළේය. එතැන් සිට පසුපාදයට වැටුණු සංවර්ධන සංචිතයේ කී‍්‍රඩකයන්ට ‘සභාපතිගේ පිල’ යන නමින් තරග කළ ජාතික කණ්ඩායමේ පන්දු යවන්නන්ගෙන් ගැලවීමක් නොවිණ.

 

ලකුණු පුවරුව


අදහස් (0)

සභාපතිගේ පිල ඉනිමකින් ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.