Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කළ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සභාපති’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විදුහල් ක්‍රීඩකයෝ අද (23) සමත් වූහ.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති අවසන් මහ තරගයේදී ශාන්ත ආනා විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 15-13 ක් ලෙස බොරැල්ල කේරී විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ශාන්ත ආනා විදුහල වෙනුවෙන් තරගයේ අවසන් මිනිත්තුවේදී එම්. ඩී. වාසමුදලි සම්පූර්ණ කළ උත්සාහක දිනුම කේරී විදුහල් ජයග්‍රහණය උදුරා ගත්තේය. කේරී විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-5 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.
ශාන්ත ආනා විදුහල උත්සාහක දිනුම් තුනකින් ලකුණු රැස්කළ අතර කේරී විදුහලට උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු ලැබීය.
ශාන්ත ආනා විදුහල පී. ඩී. සෙනෙවිරත්න, ඩී. ජී. ඩබ්ලිව්. ප්‍රේමරත්න සහ එම්. ඩී. වාසමුදලි උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ.
කේරි විදුහලට ඒ. එස්. ගර්ෂාන් සහ යූ. එල්. බණ්ඩාර උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර එස්. වී. පෙරේරා දඬුවම් පහර සාර්ථක කළේය.
|
![]() |
![]() |
ශා. ආනා - කේරි ‘සභාපති’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ විශේෂ අවස්ථා...
(ඡායාරූප - ඕෂිත වරකාපිටිය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.