Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ හා කොළඹ අතර අවසන් මොහොත දක්වා දෝලනය වූ 28 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය අද (25) සමත් විය.
දින හතරක් පුරා බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී පැවැති 28 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී ගම්පහ දිස්ත්‍රික්කය පිට පිටම සමස්ත ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙයයි. එහිදී ගම්පහ දිස්ත්‍රික්කය ලකුණු 130 ක්ද අනුශූරතාලාභී කොළඹ දිස්ත්‍රික්කය ලකුණු 102 ක්ද ලැබීය. වැඩි ලකුණු දෙකක අවාසිය හමුවේ මෙවර මහනුවර දිස්ත්‍රික්කයට තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
කෙසේ වුවත් මෙවර කොළඹ ඉදිරියට පැමිණ තිබෙන අතර ගියවර අනුශූරතාව ලද කුරුණෑගල දිස්ත්‍රික්කයට මෙවර හිමිවූයේ හතරවැනි ස්ථානයයි. දිස්ත්‍රික් හා කලාප 26 ක් අතරේ මෙවරත් පැවැති ක්‍රීඩා උළෙලේදී මුලතිව් දිස්ත්‍රික්කය මෙවර කිසිදු ලකුණක් ලබාගැනීමට අපොහොසත් විය.
මෙවර ජාතික යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය නව වාර්තා හයකට පමණක් සීමා විය. මේ දිනවලදීම දියගම පැවැති යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය හේතුවෙන් එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට මෙවර ජාතික යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය අහිමිවී ගිය බව වාර්තා වේ.
දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු දෙනෙකුට යතුරු පැදි හා නව වාර්තාලාභීන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරෙන ජාතික යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය අහිමිවීම පිළිබඳව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් ලංකාදීපය වෙත සිය කනස්සල්ල පළකර සිටියහ.
ක්‍රීඩා උළෙලේ ඊයේ (25) අවසන් දිනයේදී නව වාර්තා දෙකක් සටහන් විය. වසර පහක් පැරණි මීටර 1500 - වයස 20 න් පහළ - පිරිමි ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට එල්.සී. ගුණරත්න ඊයේ සමත් විය. ඒ විනාඩි 4 තත්පර 03.5 කටය. ගුණරත්න මහනුවර දිස්ත්‍රික්ක මෙවර නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
මෙවර ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව දැල්වීමට ආරාධනා ලැබූ ක්‍රීඩිකාව වන ෂශිකා ලක්‍ෂානි ඊයේ දිනයේදී මීටර 100 - වයස 20 න් ඉහළ කාන්තා කාණ්ඩයෙන් නව වාර්තාවක් (තත්පර 11.9) පිහිටුවූයේ ක්‍රීඩා උළෙලේ සත්කාරක බදුල්ල පුරවරයට තවදුරටත් ගෞරව අත්කර දෙමිනි.
මීටර 400X4 - වයස 20 න් පහළ - පිරිමි ඉසව්වෙන් නව වාර්තාවක් ඊයේ දිනයේ පිහිටු වූයේ මහනුවර සහය දිවීමේ කණ්ඩායම විසිනි. සමාන තරග නිමි කාලයක් වාර්තා කරමින් එහි දෙවැනි ස්ථානයට පත් කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමද පැරණි වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වීමට සමත්විය. එහි නව වාර්තාවේ නිමි කාලය වූයේ විනාඩි 3 තත්ත්පර 18.0 කි.
ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සහයෝගයෙන් මෙවරත් සංවිධානය කළ ක්‍රීඩා උළෙළේ සමස්ත ශූරතාව දිනාගත් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමට රුපියල් 150,000 ක මුදලක් හා අනුශූර කොළඹට රුපියල් ලක්‍ෂයක්ද ප්‍රදානය කෙරුණි.
මෙවර ක්‍රීඩා උළෙලේ තෙවැනි ස්ථානය මහනුවර දිස්ත්‍රික්කය විසින්ද (100), පුත්තලම දිස්ත්‍රික්කය සිව්වැනි ස්ථානයද (79) හා සත්කාරක බදුල්ල දිස්ත්‍රික්කය (72) පස්වැනි ස්ථානයද ලැබීය.
යාපනය දිස්ත්‍රික්කය (37) මෙවර අටවැනි ස්ථානය තෙක් ඉහළට පැමිණියත් එහි සෙසු දිස්ත්‍රික්ක සියල්ල මෙවර තරගාවලියේදීත් දැඩි පසුබෑමකට ලක්වීම කැපී පෙණුනි. කොළඹ දිස්ත්‍රික්කයේ ‘නාගරික තරුණයා’ කලාපයට ක්‍රීඩා උළෙලේ හිමිවූයේ ලකුණු 34 කට 10 වැනි ස්ථානයයි.
ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ යතුරුපැදි හිමිකර ගත් දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේය.
(වයස 20 න් පහළ)
* දක්‍ෂතම ක්‍රීඩිකාව - හෂිනි ප්‍රබෝධා (පුත්තලම - තුන්පිම්ම - මීටර 12.57)
* දක්‍ෂතම ක්‍රීඩකයා :- තිවංක පෙරේරා (ගම්පහ - උස පැනීම - මීටර 2.06)
(වයස 20 න් ඉහළ)
* දක්‍ෂතම ක්‍රීඩිකාව:- නිමාලි ලියනආරච්චි (හම්බන්තොට - මීටර 400 - තත්පර 54.8)
* දක්‍ෂතම ක්‍රීඩකයා:- සම්පත් රණසිංහ (ගාල්ල - හෙල්ල විසිකිරීම - මීටර 72.55)
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.