Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවැති හයවැනි ‘සැපර්ස් 4X4 ජිම්පෝ’ සිවු සක අභියෝග මෝටර් රථ තරගාවලියේ ’අත්‍යන්ත’ අංශයේ (එක්ස්ටී‍්‍රම්) සමස්ත ශූරතාව දිනා ගැනීමට ශිහාර තිළිණ සහ ඔහුගේ සහායක රියැදුරු රවිඳු ධනංජය සමත් වූහ.
තරගාවලිය පුරාම ඔවුන් දෙදෙනාට ඉතා තියුණු තරගයක් ලබාදුන් ඉන්දික සංජය සහ ඔහුගේ සහායක රියැදුරු නවීන් මාරපන, සමස්ත අනුශූරතාව හිමිකරගත් අතර වජිර කුමාර සහ ඔහුගේ සහායක රියැදුරු සම්පත් රණසිංහ තෙවැනි ස්ථානය හිමිකරගත්හ.
‘අත්‍යන්ත’ අංශයේ සමස්ත ශූරතාවට අමතරව සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමටද ශිහාර තිළිණ සහ රවිඳු ධනංජය සමත් වූ අතර සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට චමින්ද දරිජු සහ දිමුතු ප‍්‍රනාන්දු සමත් වූහ.
තරගාවලියේ නවීකරණය කළ (මොඩිෆයිඞ්) සහ නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) 4X4 මෝටර් රථ අංශයේ සමස්ත ශූරතාව දිනාගනු ලැබුවේ දමිත් කරුණාතිලක සහ ඔහුගේ සහායක රියැදුරු දමිත් දසනායක විසිනි. යොහාන් හෙට්ටිආරච්චි (රියැදුරු( සහ සජිත් සචින්දේව් (සහයක රියැදුරු) එහි දෙවැනි ස්ථානයත්, එච්. වී. එච්. රොහාන් (රියැදුරු) සහ ඩිල්ෂාන් බණ්ඩාර (සහයක රියැදුරු) එහි තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ.
යුද හමුදාවේ ඉංජිනේරු බළකාය, ශී‍්‍ර ලංකා ‘ෆෝ වීල්’ රියැදුරන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ අත්‍යන්ත අංශයේ තරග සඳහා 4X4 කණ්ඩායම් 18 ක් සහභාගී වූ අතර ඊට ලෙබනනය සහ මලයාසියාව නියෝජනය කළ කණ්ඩායම 2 ක්ද ඇතුළත් විය.
‘අත්‍යන්ත’ (එක්ස්ටී‍්‍රම්) අංශයේ තරග ප‍්‍රතිඵල
සමස්ත ශූරතාව
1 ශිහාර තිළිණ (රියැදුරු) සහ රවිඳු ධනංජය (සහයක රියැදුරු)
2 ඉන්දික සංජය (රියැදුරු) සහ නවීන් මාරපන (සහයක රියැදුරු)
3 වජිර කුමාර (රියැදුරු) සහ සම්පත් රණසිංහ (සහයක රියැදුරු)
සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි
1 චමින්ද දරිජු (රියැදුරු) සහ දිමුතු ප‍්‍රනාන්දු (සහයක රියැදුරු)
2 සමිත් තිලාන් සමරසිංහ (රියැදුරු) සහ වෝනර් ඕර්ලෝෆ් (සහයක රියැදුරු)
3 ඉසුර අරඹවෙල (රියැදුරු) සහ පියල් සඳකැලූම් (සහයක රියැදුරු)
සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු
1 ශිහාර තිළිණ (රියැදුරු) සහ රවිඳු ධනංජය (සහයක රියැදුරු)
2 ඉන්දික සංජය (රියැදුරු) සහ නවීන් මාරපන (සහයක රියැදුරු)
3 වජිර කුමාර (රියැදුරු) සහ සම්පත් රණසිංහ (සහයක රියැදුරු)
නවීකරණය කළ (මොඩිෆයිඞ්) සහ නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) අංශයේ තරග ප‍්‍රතිඵල
සමස්ත ශූරතාව
1 දමිත් කරුණාතිලක (රියැදුරු) සහ දමිත් දසනායක (සහයක රියැදුරු)
2 යෙහාන් හෙට්ටිආරච්චි (රියැදුරු) සහ සජිත් සචින්දේව් (සහයක රියැදුරු)
3 එච්. වී. එච්. රොහාන් (රියැදුරු) සහ ඩිල්ෂාන් බණ්ඩාර (සහයක රියැදුරු)
නවීකරණය කළ (මොඩිෆයිඞ්)
1 යෙහාන් හෙට්ටිආරච්චි (රියැදුරු) සහ සජිත් සචින්දේව් (සහයක රියැදුරු)
2 එච්. වී. එච්. රොහාන් (රියැදුරු) සහ ඩිල්ෂාන් බණ්ඩාර (සහයක රියැදුරු)
3 ගයාන් ප‍්‍රසන්න (රියැදුරු) සහ දිමුතු මහේෂ් (සහයක රියැදුරු)
නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්)
1 දමිත් කරුණාතිලක (රියැදුරු) සහ දමිත් දසනායක (සහයක රියැදුරු)
2 බුද්ධි ගුණසේකර (රියැදුරු) සහ කුමුදිකා ගුණසේකර (සහයක රියැදුරු)
3 මොහොමඞ් ඉස්මයිල් (රියැදුරු) සහ සයිඞ් අහමඞ් (සහයක රියැදුරු)
ඉන්දික සංජය සහ නවීන් මාරපන මඩවඟුර තරණය කරමින්...
‘අත්‍යන්ත’ (එක්ස්ටී‍්‍රම්) අංශයේ (සමස්ත) ජයග්‍රහාකයන්...
‘අත්‍යන්ත’ (එක්ස්ටී‍්‍රම්) අංශයේ (සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි) ජයග්‍රාහකයන්...
නවීකරණය කළ (මොඩිෆයිඞ්) සහ නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) අංශයේ (සමස්ත) ජයග්‍රාහකයන්...
‘සැපර්ස් 4X4 ජිම්පෝ’ සිවු සක අභියෝග මෝටර් රථ තරගාවලියේ උණුසුම් අවස්ථා ...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.