Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාසයකට අධික කාලයක් පාපන්දු ලෝකය උණුසුම් කළ ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අලුත්ම ශූරයා තේරීමේ අවසන් තරගයට සියල්ල සූදානම්ය. තරගමාලාවට එක්වූ රටවල් 32ක් අතර තරග 63ක් පුරා පැවැති සටන රටවල් දෙකක් අතර කෙරෙන තනි තරගයක් දක්වා අඩු කරමින් ජර්මනිය හා ආජන්ටිනාව මීළඟ සිවු වසරේ දී පාපන්දු ලෝකයේ පෙරමුණ ගන්නා කණ්ඩායම තීරණය කිරීමේ අවසන් මහා තරගයට එක්වෙති. තරගය පැවැත්වෙන්නේ ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ග30ට බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයේ දීය.
මේ තරගයෙන් ආජන්ටිනාව ජයගතහොත් ඔවුන් ලෝක කුසලාන පාපන්දු ශූරතාව අත්කර ගත් 3 වැනි අවස්ථාව ලෙස එය වාර්තාපොතට එක්වෙයි. මීට පෙර 1978 දී හා 1986 දී මේ ශූරතාවට හිමිකම් කීමට ආජන්ටිනාව සමත්වියග තරගයේ ජය ජර්මනියට හිමිවුවහොත් ඔවුන් ලෝක කුසලාන පාපන්දු කිරුළ අත්කර ගත් සිවුවැනි වාරය ලෙස සටහන් වනු ඇතග මීට පෙර ජර්මනිය 1954, 1974 හා 1990 දී ලෝක පාපන්දු ශූරතාව අත්කර ගත්තේය. මීට අමතරව ජර්මනිය මේ දක්වා ලෝක කුසලාන පාපන්දු අනුශූරතා 4කට හිමිකම් කියයි. ආජන්ටිනාව අවස්ථා 2කදී ලෝක කුසලාන පාපන්දු අනුශූරයෝ බවට පත්වූහ.
අවසන් සටනට එක්වන දකුණු අමෙරිකානුවන් හා යුරෝපයේ පාපන්දු ශූරයන් හඳුන්වනු ලබන්නේ ලෝක කුසලාන පාපන්දු පිටියේ සම්ප්‍රදායික පසමිතුරන් ලෙසටය. ඔවුන්ට එවැනි පට්ටමක් ලැබී ඇත්තේ මීට පෙර දෙවතාවක්ම මේ රටවල් දෙක ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් තරගයට එක්වීම හේතුවෙනි. ලෝක පාපන්දු සම්මේලනයේ අලුත්ම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන්නේ ජර්මනියයි. ඔවුන් දෙවැනි ස්ථානයේ පසුවන අතර ආජන්ටිනාවට හිමිවී ඇත්තේ 5වැනි තැනය.
ආජන්ටිනාව අවසන් මහා තරගයට පිවිසෙන්නේ දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කෙරුණු අවසන් පූර්ව තරගයෙන් නෙදර්ලන්තය ගෝල 4-2කින් පරාජය කරමිනි. එම තරගයේ නියමිත මිනිත්තු 90 දිත්ල අනතුරුව ලබාදුන් අතිරේක මිනිත්තු 30දිත් ගෝලයක් ලබාගැනීමට දෙපිලම අසමත්විය. ආජන්ටිනාව අවසන් පූර්ව තරගයෙන් ගොඩ ගියේ දැල රකින සර්ජියෝ රොමේරෝගේ පිහිටෙන්ය. ඔහු නෙදර්ලන්තය ගැසූ දඬුවම් පහර 4න් දෙකක්ම ඩැහැ ගත්තේය.
දුර්වලතා
ආජන්ටිනා කණ්ඩායමේ ගෝල අහේනියක් ඇතැයි විචාරකයෝ පවසති. ඔවුන් තරගමාලාව පුරාම ගැසුවේ ගෝල කිහිපයක් පමණිග සිය ප්‍රතිවාදීන් පරාජය කළ තරගවලදී ආජන්ටිනාව නිරතුරුවම ඉදිරියෙන් සිටියේ එක ගෝලයකින් වීම කැපී පෙනේ. තරගමාලාවේ ඉදිරියෙන්ම නම කියැවුනත් ආජන්ටිනාවේ සියලු වගකීම් කරපින්නා ගත් නායක ලයනල් මෙසී මූලික වටයෙන් පසුව මෙතෙක් ගෝලයක් ගැසීමට සමත්වී නැත. ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩක ඒන්ජල් ඩි මරියා තුවාල ලබා සිටින අතර අවසන් තරගයට ඔහුගේ එක්වීම සැක සහිතය. තීරණාත්මක තරගවටවලදී ගොන්සාලෝ හිඟුවේන් බෙල්ජියමට එරෙහිව ගැසූ විශිෂ්ට ගෝලය හැරුණු විට උජාරුවෙන් කීමට තරම් දස්කමක් ආජන්ටිනාවේ කිසිදු ක්‍රීඩකයකුගෙන් පෙනෙන්නට තිබුණේ නැත.
ප්‍රබලතා
ආජන්ටිනා පිලේ ආරක්ෂක කලාපයේ කාලයක් පුරා නිරන්තරයෙන්ම පවතින දුර්වලතා දැඩි විවේචනයට භාජනය වූවකි. එහෙත් ඔවුන්ගේ ප්‍රහාරාත්මක ශක්තිය අති විශිෂ්ටය. තරගමාලාව පුරා ඔවුන්ගෙන් එය දකින්නට හැකිවිය. මැද පෙළ ආරක්ෂක ක්‍රීඩකයකු ලෙස මෙන්ම ප්‍රහාරාත්මක ක්‍රීඩකයකු ලෙසත් ජේවියර් මැස්චෙරානෝ ඒ අතර ප්‍රධාන භූමිකාව රඟපෑවේය. තරගමාලාවේ දැල් රකින්නන් අතර ඉහළින්ම කියැවෙන නමක් බවට ආජන්ටිනාවේ දැල් රකින රොමේරෝ පත්ව සිටී.
ජර්මනිය අවසන් තරගයට පිවිසෙන්නේ බ්‍රසීලයට වසර ගණනාවක් යනතුරු විඳවන ආකාරයේ අන්ත පරාජයක් අවසන් පූර්ව තරගයෙන් උරුමකර දෙමිනි. පස් වතාවක් පාපන්දු ලෝක කුසලානය දිනූ බ්‍රසීලය ගෝල් 7-1කින් පරාජය කොට පාපන්දු ලෝකය උඩුයටිකුරු කරවිමට ජර්මනිය එදා සමත්විය. ජර්මනිය අවසන් තරගයට පිවිසී ඇත්තේ 8 වැනි වරටය.
දුර්වලතා
බ්‍රසීලයට එරෙහිව මතක හිටින ජයක් වාර්තා කළත් ජර්මනිය මූලික වටයේ දී එතරම් කැපී පෙනුණු කණ්ඩායමක් නොවීම විශේෂත්වයකි. බ්‍රසීලය හා සංසන්දනය කරද්දී කුඩා කණ්ඩායමක් වන අප්‍රිකාවේ ඝානා පිල සමග පැවැති මූලික වටයේ තරගය ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට ජර්මනියට සෑහෙන්න මහන්සිවීමට සිදුවිය. එම තරගය නිමාවීමට මිනිත්තු 20ක් ඉතිරිව තිබියදීත් ගෝල් 2-1කින් පෙරමුණේ සිටියේ ඝානා කණ්ඩායමය. පසුව මිරොස්ලව් ක්ලොස් ගැසූ ගෝලයෙන් තරගය පරාජයෙන් බේරාගැනීමට ජර්මනියට හැකිවිය.
තරගමාලාව පුරා ජර්මනිය අභිබවා ගිය එකම කණ්ඩායම ඝානාව වියග ක්‍රීඩකයන් අතර හිටි ගමන් සම්බන්ධතාව බිඳ වැටීම ජර්මානු කඳවුරේ විශාල දුර්වලතාවක් බව විචාරකයෝ පවසති.
ප්‍රබලතා
මෙවර තරගමාලාවේ එකම අංග සම්පූර්ණ කණ්ඩායම ජර්මනියයි. ඔවුන්ගේ ප්‍රහාරාත්මක අංශය ඉතා සවිමත්ය. ක්ලෝස් සමග තෝමස් මුලර් හා බැස්ටියන් ෂෙවින්ස්ටිගර් සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් සිටිති. නායක පිලිප් ලාම් ඇතුලු ප්‍රබල ක්‍රීඩකයන් සිවුදෙනකු ජර්මනියේ ආරක්ෂක වළල්ලේ වගකීම දරනු ඇත. ඔවුන්ගේ දැල රකින ක්‍රීඩක මැනුවෙල් නියුර් වර්තමාන පාපන්දු ලෝකයේ හොඳම දැල් රකින්නා බවට කිසිදු වාදයක් නොමැත.
මුහුණට මුහුණ
ජර්මනිය හා ආජන්ටිනාව මේ දක්වා අවස්ථා 20 දී මුහුණට මුහුණ තරග වැදී තිබේ. ඉන් තරග 9ක ජය ආජන්ටිනාවටත්, තරග 6ක ජය ජර්මනියටත් හිමිවී ඇති අතර තවත් තරග 5ක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්වී ඇත. එහෙත් ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ දී නම් ආජන්ටිනාවට එරෙහිව සාර්ථක වාර්තාවකට ජර්මනිය හිමිකම් කියයි. 1958 දී ගෝල් 3-1කින් ද, 1990 දී (අවසන් මහා තරගය ) ගෝල් 1-0කින් ද, 2006දී ගෝල් 4-2කින් ද, 2010 දී ගෝල් 4-0කින් ද ආජන්ටිනාව පරාජය කිරීමට ජර්මනිය සමත්විය. 1986 දී (අවසන් මහා තරගය) පමණක් ආජන්ටිනාව ගෝල් 3-2කින් ජර්මනිය පරාජය කර තිබේ.
ප්‍රධානතම තුරුම්පු
ආජන්ටිනාව : ලයනල් මෙසී (මේ දක්වා ගෝල් 4ක් ලබා සිටී) ඒන්ජල් ඩි මරියා (තවමත් ස්ථීර නැත), ජේවියර් මැස්චෙරානෝ සහ සර්ජියෝ රොමේරෝ.
ජර්මනිය : තෝමස් මුලර් (මේ දක්වා ගෝල් 5ක් ලබා සිටී), මිරොස්ලව් ක්ලෝස්, පිලිප් ලාම් සහ මැනුවෙල් නියුර්.
මෙතෙක් ආ ගමන් මඟ
ජර්මනිය
මූලික වටය : පෘතුගාලය ගෝල 4-0කින් පරාජය කරන ලදි, ඝානා පිල සමග පැවැති තරගය 2-2කින් සම විය. අමෙරිකාව ගෝල 1-0කින් පරාජය කරන ලදි. සුපිරි 16 වටය : ඇල්ජීරියාව ගෝල් 2-1කින් පරාජය කරන ලදි. අර්ධ අවසන් පූර්ව තරගය : ප්‍රංශය ගෝල් 1-0කින් පරාජය කරන ලදි. අවසන් පූර්ව තරගයථ බ්‍රසීලය ගෝල් 7-1කින් පරාජය කරන ලදි.
ආජන්ටිනාව
මූලික වටය : බොස්නියාව ගෝල් 2-1කින් පරාජය කරන ලදිල ඉරානය ගෝල් 1-0කින් පරාජය කරන ලදි. නයිජීරියාව ගෝල් 3-2කින් පරාජය කරන ලදි. සුපිරි 16 වටය : ස්විට්සර්ලන්තය ගෝල් 1-0කින් පරාජය කරන ලදි. අර්ධ අවසන් පූර්ව තරගය : බෙල්ජියම ගෝල් 1-0කින් පරාජය කරන ලදි. අවසන් පූර්ව තරගය : නෙදර්ලන්තය ගෝල් 4-2කින් දඬුවම් පහර මගින් පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.